මුද්‍රණය සඳහා

 
‘රන් සටන’ ජය පැරදුමින් තොරයි

මොරටු විදුහල-පානදුර ශ්‍රී සුමංගල

‘රන් සටන’ ජය පැරදුමින් තොරයි

මොරටු විදුහලත් පානදුර ශ්‍රී සුමංගල විදුහලත් අතර මොරටුවේ ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේ පැවැති 60 වැනි ‘රන් සටන’ ජය පරාජයෙන් තොරව කෙළවර වුවත් පළමු ඉනිමේ ජය වාර්තා කිරීමට සුමංගල ක්‍රීඩකයෝ සමත් වූහ. පළමුවෙන් පන්දුවට මුහුණ දුන් සුමංගල විදුහල ලකුණු 226 ක් වාර්තා කළ අතර, මොරටු විදුහලට ලබා ගත හැකි වූයේ ලකුණු 116 ක් පමණි.

අයහපත් කාලගුණය හේතුවෙන් දෙවැනි දින පස්වරු 5.00 ට තරගය නතර කරන විට මොරටු විදුහල දෙවන ඉනිමේදී කඩුලු 4 කට ලකුණු 203 වාර්තා කර තිබුණි.

ශ්‍රී සුමංගල පළමු ඉනිම 226 - මාධව සකුරංග 51, චාමික ඇන්ජලෝ 48, අරුණ ධර්මසේන 41, (සංඛ රමේෂ් 4/67)

මොරටු විදුහල පළමු ඉනිම 116 - තිලාන් කවිෂ්ක 58 (අන්ජු තාරක 3/ 33, තාරක නදිශාන් 2/ 16, ළහිරු විමුක්ති 4/ 25) සහ 203/ 4, සංඛ රමේෂ් නොදැවී 74, තිලාන් කවිෂ්ක 34, ඉෂාන් පීරිස් 40, සෆ්රාන් ප්‍රිනා 31, (අන්ජු තාරක 2/ 42)


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]