සි‍රියාවේ තෙවැනි රිය බෝම්බයත් පුපුරයි

සි‍රියාවේ තෙවැනි රිය බෝම්බයත් පුපුරයි

දෙදෙනෙක් මරුට: 30කට තුවාල

සි‍රියාවේ තවත් නගරයකදී පෙරේදා තෙවැනි රිය බෝම්බයද පුපුරා ගියේය.

වසරක කාලයක් ඉකුත්ව ඇති සිරියානු අරග‍ලයේ මානුෂික බලපෑම කෙබඳුදැයි විමසා බැලෙන එක්සත් ජාතීන්ගේ හා ඉස්ලාමීය සහයෝගිතා සංවිධාන විශේෂඥ විමසුමක් ඇරඹී තිබියදී මේ බෝම්බ පිපිරුම සිදුව ඇත.

අලෙප්පෝ නගරයේ ඇතිවූ මේ තෙවැනි රිය බෝම්බ පි‍පිරුමෙන් කාන්තාවක ඇතුළු ව දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 30 දෙනකු පමණ තුවාල ලබා තිබිණ.

මෙවන් ප්‍රහාර සි‍රියානු අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීම ට බාධාවක් බව රාජ්‍ය මාධ්‍යයෙන් ප්‍රකාශ විය‍. ‍දෙදිනකදී ඇතිවූ බෝම්බ පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇත.

රිය බෝම්බයෙන් ගොඩනැගිලි හා මෝටර් රථ විනාශ වී ඇති අයුරු රූපවාහිනියෙන් දැක්විණ.

කෙසේ වෙතත් මේ බෝම්බය ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කරගත්තක් ලෙස මෙය හැ‍ඳින් වී තිබේ.

මීට කලින් ඉකුත් පෙබරවාරි 10 දා අලෙප්පෝ නගරයේ රිය බෝම්බයක් පුපුරා යාමෙන් 28 දෙනකු මිය ගොස් තිබිණ.

පසුගිය සෙනසුරාදා ඩැමස්කස් නගර මධ්‍යයේ රිය බෝම්බයක් පිපිරීමෙන් 27 දෙනකු ඝාතනය වී තවත් 140 දෙනකු තුවාල ලැබූ බව ප්‍රකාශ වී තිබේ.

එයද ත්‍රස්තවාදීන් විසින් පොලීසිය හා ගුවන් හමුදා මූලස්ථාන ඉලක්ක කර ගත්තක් බව සඳහන් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා