මාතෘ භූමියට ආදරය කරන පිරිසක් බිහි කිරීමේ වගකීම සියලු වැඩිහිටියන්ට තිබෙනවා.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2010 පෙබරවාරි 06 යාපනයේ දී


බේරුවල කාලවිල බදනාගොඩ රණවිරු අජිත් ගාමිණි මහතාගේ නිවසේ අතක් හැඩැති අරුම පුදුම ඇන්තුරියම් මල.
ඡායාරූපය - කළුතර දිස්ත්‍රික් සංචාරක


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

අයුතු බලපෑම් බැහැ:
කොටියාට යළි ඉඩ නැහැ

ජිනීවා නුවරදී අප ලද පරාජයට වැඩිපුර සතුටුවන්නේ දෙමළ ඩයස්පෝරාවයි

ජනපති බණ්ඩාරගම දී කියයි

ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේ දී අප රට ලද පරාජයෙන් වඩාත් සතුටු වන්නේ අපේ ජනතාව නොව කොටි හිතවාදීන් සහ ඩයස් පෝරාව යැයි හඳුන්වා ගන්නා පිරිස පමණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.ත්‍රස්තවාදීන් ධජ ඔසවාගෙන කරන දේවල ප්‍රතිඵල විඳින්නට ඔවුන්ටත් සිදුවන බව අපට විරුද්ධව ඡන්දය දුන් රටවලට අමතකව ගිය බවත්...

විස්තර »

ජිනීවා කුමන්ත්‍රණයට හවුල් එන්.ජී.ඕ.
වැඩ වර්ජන රැල්ලකට අර අඳීනවා

-ඇමැති මෛත්‍රිපාල සිරිසේන

මානව හිමිකම් කඩකිරීමේ මුවාවෙන් ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් කුමන්ත්‍රණය කරද්දී වැඩවර්ජන රැල්ලක් නිර්මාණය කරමින් රට අවුල් කිරීමට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මකවී ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. එම වැඩවර්ජන රැල්ල මෙහෙයවූ ඇතැම් වෘත්තීය සමිතිවලට....

විස්තර »

ඇතැම් දේශීය බලවේග කුමන්ත්‍රණයට හවුල්

- ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

ත්‍රස්තවාදය පරාජය කිරීමේ වැඩපිළිවෙළේ අවසන් තත්පරයේ දී පවා එය කඩාකප්පල් කිරීමට විදේශීය බලවේග හා එක් වුණු ඇතැම් දේශීය කණ්ඩායම් මෙවර ජිනීවා කුමන්ත්‍රණයේ දී ද එලෙසම එල්.ටී.ටී.ඊ න්‍යාය පත්‍රයට ක්‍රියා කෙළේ යැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඕස්ට්‍රේලියාවේ සිට ‘දිනමිණ’ට පැවසීය.

විස්තර »

ශ්‍රී ලංකාවට පැමිණි ඕමානයේ ඛනිජ තෙල් හා ගෑස් පිළිබඳ නියෝජ්‍ය ඇමැති සහ ඕමාන ඛනිජ තෙල් සමාගමේ සභාපති නසීර් බින් කලීස් අල් ජස්මි මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දී පෙරේදා (22) ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හමුවිය. දෙරටේ නියෝජිතයන් විශේෂ සාකච්ඡාවක නිරත වී සිටි අයුරු.
ඡායාරූපය - චමින්ද හිත්තැටිය

ශ්‍රී ලංකාවේ සාමය හා සංවර්ධනයට අමෙරිකාවේ සහාය ඉදිරියටත්

ස්ථිරසාර සාමයක් සහ සංවර්ධනයක් සඳහා ශ්‍රී ලංකාව යන ඉදිරි ගමන වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ඉදිරියටත් ලබාදීමට සූදානම් බව අමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ සැබෑ ප්‍රතිසන්ධානයක් සහ වගවීම තුළින් ස්ථිරසාර සාමයක් කරා ළඟාවිය හැකි බවද අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කරයි.

විස්තර »

කෝට්ටේ භික්ෂු ඝාතනය

සැකකරු වෙනුවෙන් පෙනී සිටි
නීතිඥයාට ප්‍රදේශවාසීහු පහර දෙති

කෝට්ටේ රජමහා විහාරයේ සිදු වූ හිමිවරුන් දෙනමගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයාට ප්‍රදේශවාසීන් ඊයේ (23) පහර දී ඇත. ඝාතනය සිදු වූ පසුගිය 21 දා රාත්‍රියේම ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ව මිරිහාන පොලිසියේ

විස්තර »

ලේක්හවුස් ආයතනයේ 7 වැනි ශාඛා කාර්යාලය

ලේක්හවුස් ආයතනයේ 7 වැනි ශාඛා කාර්යාලය ත්‍රිකුණාමලය, ඩොක්යාඩ් පාරේ අංක 447 දරන ස්ථානයේ ඊයේ (23) පෙරවරු 11.00ට විවෘත කෙරිණ. එම අවස්ථාවට සහභාගි වූ ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ, ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂක උපුල් දිසානායක, නියෝජ්‍ය්‍ය සාමාන්‍යාධිකාරීවරුන්වන නාරද සුමනරත්න හා ඊ. එස්. බොයිස්, ජ්‍යෙෂ්ඨ කළමනාකරු ආර්. එස්. එම්. අධිකාරි, අලෙවි හා ශාඛා කාර්යාල ප්‍රධානී සුනිල් සෙන්දනායක යන මහත්වරු මෙහි වෙති.
ඡායාරූපය – අම්පාර චන්දන ලියනාරච්චි

යෝජනාවට සහාය පළකළ රටවලට
ලේක්හවුස් සේවක විරෝධය

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමට ඇමරිකානු රජය විසින් ගෙන ආ යෝජනාවට හා එයට සහය පළ කළ රටවලට විරෝධය පාමින් ලේක්හවුස් සේවකයන් දැවැන්ත විරෝධතාවක ඊයේ (23) නිරත වූ අයුරු. ලේක්හවුස් සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, නීති අධ්‍යක්ෂ රසාංග හරිස්චන්ද්‍ර, ඇතුළු ලේක්හවුස් සේවක සේවිකාවෝ විරෝධතා පුවරු සහ කළු කොඩි රැගෙන සිය විරෝධය පාමින්.
ඡායාරූපය – නිශ්ශංක විජේරත්න

 
සිංහලයනේ මේ මව් බිම උපන් හැම
යම් යම් භේද අතහැරදා සිතින් තම
දෙන්නට පළමු අදිරද වාදයෙන් ඇම
ඉන්නට ඕන බැඳිලා සීරුවෙන් හැම
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast