ශ්‍රී ලංකාවේ සාමය හා සංවර්ධනයට අමෙරිකාවේ සහාය ඉදිරියටත්

ශ්‍රී ලංකාවේ සාමය හා සංවර්ධනයට අමෙරිකාවේ සහාය ඉදිරියටත්

ස්ථිරසාර සාමයක් සහ සංවර්ධනයක් සඳහා ශ්‍රී ලංකාව යන ඉදිරි ගමන වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ඉදිරියටත් ලබාදීමට සූදානම් බව අමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ සැබෑ ප්‍රතිසන්ධානයක් සහ වගවීම තුළින් ස්ථිරසාර සාමයක් කරා ළඟාවිය හැකි බවද අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කළ යෝජනාව සම්මත වීම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් හිලරි ක්ලින්ටන් මේ බව ප්‍රකාශ කර ඇත. ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ගනු ලැබු පියවර මගින් ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජයට දිරිගැන්වීමක් ලබා දුන් බවද හිලරි ක්ලින්ටන් පවසනවා.

ශ්‍රී ලංකා රජය විසින් උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් වාර්තාව මඟින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාවට නැංවීම පිළිබඳව අවධානයෙන් සිටින බවද අදාළ ඉලක්ක යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා සහය දක්වමින් ලක් රජය සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට බැඳී සිටින බවද ඇය සඳහන්කර තිබේ. මේ අතර රාජ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා