ඇතැම් දේශීය බලවේග කුමන්ත්‍රණයට හවුල්

ඇතැම් දේශීය බලවේග කුමන්ත්‍රණයට හවුල්

- ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

ත්‍රස්තවාදය පරාජය කිරීමේ වැඩපිළිවෙළේ අවසන් තත්පරයේ දී පවා එය කඩාකප්පල් කිරීමට විදේශීය බලවේග හා එක් වුණු ඇතැම් දේශීය කණ්ඩායම් මෙවර ජිනීවා කුමන්ත්‍රණයේ දී ද එලෙසම එල්.ටී.ටී.ඊ න්‍යාය පත්‍රයට ක්‍රියා කෙළේ යැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඕස්ට්‍රේලියාවේ සිට ‘දිනමිණ’ට පැවසීය.

මෙරට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ආදී සියල්ල භුක්ති විඳීමින් ඩොලර් වෙනුවෙන් මවු බිම පාවා දුන් එම දේශීය කණ්ඩායම් ජාත්‍යන්තර බලවේගවලටත් වඩා භයානක බව හෙතෙම කීය. අනතුරකට ලක්ව ඕස්ට්‍රේලියාවේ ප්‍රතිකාර ලබන ඇමැතිවරයා, එරට සිට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඊයේ (23) සවස මේ බැව් පැවසීය.

ජනාධිපතිතුමන් ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ගත වූ වකවානුව තුළ එල්ල වූ සියලු අභියෝග ජයගත් බවත් එනිසා ඉදිරියේ දී ද ඕනෑම අභියෝගයක් ජය ගන්නා බවත් ඒ මහතා පැවසීය. ලාංකීය ඉතිහාසයේ දැවැන්තම අභියෝගයක් වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය මවුබිමෙන් තුරන් කිරීමේ අභියෝගය සාර්ථකව ජයගත් රාජ්‍ය නායකයාට හා රජයට අන් සියලු අභියෝග එතරම් දැවැන්ත අභියෝග නොවන්නේ යැයි ද එනිසා ජිනීවා යෝජනාව සම්මත වීම කිසිසේත් රටට පසුබැසීමක් නොවන්නේ යැයි ද ඇමතිවරයා පවසයි.

ජිනීවා යෝජනා නිසා ජාත්‍යන්තරය ඉදිරියේ දණින් නොවැටීමට ජාතියක් ලෙස අප මවුබිම ලැබූ සැබෑම ජයග්‍රහණය බවත් එදා ත්‍රස්තවාදය පරාජය කිරීමේ වැඩපිළිවෙළේ දී ජාත්‍යන්තරය ඉදිරියේ දණින් නොවැටී ප්‍රෞඪ ජාතියක අභිමානය රැක දුන් අප රටට අන් කිසිදු අවස්ථාවක ලෝකය හමුවේ පසු පසට යාමට අවශ්‍යතාවක් නොවන බවත් රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා