වී මෙ. ටොන් 20512ක් මිල දී ගනී

වී මෙ. ටොන් 20512ක් මිල දී ගනී

මෙවර මහ කන්නයේ දී මේ වන විට වී අලෙවි මණ්ඩලය විසින් වී මෙට්ට්‍රික් ටොන් 20512 (විසිදහස් පන්සිය දොළහක) මිලදී ගෙන තිබේ. ඒ සඳහා වියදම් කළ සම්පූර්ණ මුදල රුපියල් මිලියන 550 ඉක්මවා ඇති බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.

අම්පාර, කිලිනොච්චිය, පොළොන්නරුව, අනුරාධපුරය හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් මෙවර වැඩි වශයෙන් වී මිලදී ගෙන තිබේ. වී අලෙවි මණ්ඩලයේ සියලු ගබඩා මේ වන විට විවෘතව පවතී. ඒවායේ මිලදී ගැනීමේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා දිනපතා වාර්තාවක් ලබා ගනියි.

අම්පාර, පොළොන්නරුව ඇතුළු ප්‍රදේ්ශවලින් මිලදී ගන්නා වී තොග වෙනත් ප්‍රදේශවල ගබඩා වෙත යවා එම ප්‍රදේශවල ගබඩා බොහෝ විට හිස්ව තබා ගැනීමට ද වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා