ඔත්තුව දුන් සිසුවාට මුදලින් තෑගි

ඔත්තුව දුන් සිසුවාට මුදලින් තෑගි

කෝට්ටේ රජ මහා විහාරස්ථානයේ වැඩ වාසය කළ හිමිවරුන් දෙදෙනාගේ ඝාතකයන් සොයා ගැනීම සඳහා ප්‍රධානතම සාක්ෂියක් ලබා දුන් පාසල් සිසුවාට පොලිස් දෙපාර්තමේන්තුව විසින් ත්‍යාගයක් ලබාදීමට තීරණය කර තිබේ.

ඝාතකයන් පැමිණි මෝටර් රථයේ අංකය පන්සල් භූමියේ පිහිටි වැලි මලුවේ ලියා තැබීමට මේ සිසුවා පියවර ගෙන තිබුණි. හිමි දෙනම ඝාතනය කිරීමේ සිද්ධියේ පරීක්ෂණ ආරම්භ කළ මිරිහාන පොලිසියේ නිලධාරීන් වැලිමලුවේ ලියා තිබූ අංකය ඔස්සේ යමින් ඝාතකයන් සොයා ගනු ලැබීය.

මේ පාසල් සිසුවාගේ නුවණැති ක්‍රියාව නිසා ඝාතකයන් පැය විසිහතරක් තුළ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඔහුව අගයමින් මුදල් ත්‍යාගයක් ලබාදීමට තීරණය කර ඇති බවත් පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා