මරණ දැන්වීම්




කේ. වී. ඊ. සෝමචන්ද්‍ර -
විශ්‍රාමලත් තැපැල් ස්ථානාධිපති කැස්බෑව ආවාස පාරේ අංක 120/5 පදිංචි ශීලා සෝමචන්ද්‍ර මහත්මියගේ ස්වාමිපුරුෂයා වූද අරුණ, අජිත්, තුසිත, ලුෂාන් යන අයගේ පියාණන් වූද හේමමාලී, නිර්මලී, වින්ද්‍යා, අමිතා යන අයගේ මාමණ්ඩිය වූ කේ. වී. ඊ සෝමචන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය. ඒ. පිළිබඳ අවසන් කටයුතු 24 වන සෙනසුරාදා පස්වරු 3.00 ට කැස්බෑව ආදාහනාගාරයේදී සිදුකෙරේ. 083681

පී. එච් ධර්මතිලක මහතා - යුද හමුදා පොදු සේවා බලකායේ වැටුප් හා ලේඛන කාර්යාලයේ විශ්‍රාමික බ. නි. අයි. පී. එච්. ධර්මතිලක මහතා අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු මාර්තු 24 වෙනි සෙනසුරාදා ප.ව. 5.00 බටපොල ආදාහනාගාරයේදී සිදුකෙරේ. මෙයට ශෝකයටපත් ඉන්ද්‍රානි ධර්මතිලක (බිරිඳ ජාතික සමූපකාර මණ්ඩලය) වරුණි (දුව - දේවානන්ද විද්‍යාලය) උපුල් (බෑණා ජේ. බී. ඉංජිනියර්ස්) මලින්ද්‍යා (මිණිබිරිය) බෙනුල් පසන්දුල් (මුණුබුරන්) ධර්මාශෝක විද්‍යාලය. මානම්පිට හංදිය, අම්පෙගම උතුර, අම්පෙගම. 083568

රත්මලේ එපිටකඩුවේ පදිංචිව සිට නැසීගිය එල්. ජී. සී යාපා වෙල්මුලාදෑනි මහතාගේ භාර්යාවවූද නවසීලන්තයේ පදිංචි මහාචාර්ය එල්. ජී. යාපා විශ්‍රාමලත් විදුහල්පති එල්. ජී. එස්. යාපා (මාතර මහා විද්‍යාලය) වෛද්‍ය එල්. ජී. එස්. යාපා (රජයේ රෝහල කැකනදුර) ආචාරිණී එල්. ජී. සී. යාපා (මාතර කුමාරතුංග මුනිදාස මහා විද්‍යාලය) යන අයගේ දයාබර මෑණියන්වූද සුජාත ඉලේපෙරුම (නවසීලන්තය) ජී. එල්. එච්. යාපා (කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ දික්වැල්ල) ආචාරිණී කාන්ති විජේසිංහ (රාහුල විද්‍යාලය) ආචාර්ය අයි. ජී. කීර්තිපාල (විජිත මධ්‍ය මහා විද්‍යාලය - දික්වැල්ල) යන අයගේ දයාබර නැගණිය වූද රත්මලේ එපිටකඩුවේ විසු දෝන තුෂානා අබේසිරිවර්ධන සෙනරත් යාපා මාතාව අභාවප්‍රාප්ත වූවාය. අවසන් කටයුතු මාර්තු 25 ඉරිදා සවස 6 ට කැකනදුර ආදාහනාගාරයේදී සිදු කෙරේ. මෙයට ශෝකයට පත් දූ දරු පිරිස. 084764

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා