ඉන්දියාවෙන් මෙරටට පැමිණි පුද්ගලයෙක් සපත්තු පතුලේ හෙරොයින් සඟවාගෙන ඇවිත්

ඉන්දියාවෙන් මෙරටට පැමිණි පුද්ගලයෙක්
සපත්තු පතුලේ හෙරොයින් සඟවාගෙන ඇවිත්

* හෙරොයින් ග්‍රෑම් 391ක් සන්තකයේ

* විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

සපත්තුවල ව්‍යාජ පතුල්වල සඟවාගෙන ඉන්දියාවේ සිට හෙරොයින් ගෙන ආ පුද්ගලයකුට මීගමුව මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් නියම කළේ ය. විත්තිකරු හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත්තේ ය.

2001 දෙසැම්බර් මස 15 වෙනි දින හෝ ඊට ආසන්න දිනකදී ඉන්දියාවේ සිට හෙරොයින් ග්‍රෑම් 391ක් ශ්‍රී ලංකාවට ගෙනෙන ලදැයිද, ළඟ තබා ගත්තා ලදැයිද, ජාවාරම් කරන ලදැයිද විත්තිකරු මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටියේ ය.

විත්තිකරු හෙරොයින් සමඟින් අත්අඩංගුවට ගන්නා ලද්දේ ගුවන් තොටුපළේ රේගු නිලධාරීන් විසිනි. රජයේ අධිනීතිඥ පද්මාල් වීරසිංහ ද සිල්වා මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා