සියලු කණ්ඩායම් එකවගේ: ක්‍රිකට් ක්‍රීඩාව චමත්කාරජනකයි

සියලු කණ්ඩායම් එකවගේ: ක්‍රිකට් ක්‍රීඩාව චමත්කාරජනකයි

- සුනිල් ගවස්කාර්

ප්‍රින්ස් ගුණසේකර බංග්ලාදේශයේ ඩකා නුවර සිට

එක්දින ක්‍රිකට් තරගවල ඇති චමත්කාරය ආසියානු ක්‍රිකට් තරගාවලියේදී මනාව පිළිඹිඹු වූවේ යැයි හිටපු ලොව අග්‍රගන්‍ය ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් පවසයි.

එදා බටහිර ඉන්දීය කොදෙව්වන් කාලයක් තිස්සේ එක දිගට ජය අත්කර ගත්තද, දැන් සියලු කණ්ඩායම් එකවගේ දස්කම් දැක්වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාවැකි පළ කිරීමේදී මනා අධ්‍යයනයක් අවශ්‍ය බව ගවස්කාර් පැවැසීය.

ඕනෑම මොහොතක ප්‍රබලයන් පරදවා නොසීතූ වෙනස්කම්,අනෙක් කණ්ඩායම්වලට කළ හැකි බව දැන් ඔප්පුවී ඇතැයි හෙතෙම අවධාරණය කළේය.ආසියානු ක්‍රිකට් තරගාවලියේදී ලෝක ක්‍රිකට් සූර ඉන්දියාව හා ලෝක අනුසූර ශ්‍රී ලංකාව පරාජය කොට එක්දින ශ්‍රේණිගත කිරීමේ 9වැනි ස්ථානයේ සිටින බංග්ලාදේශය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.එය ක්‍රිකට් ලොව බොහෝ කථාබහ ඇතිවූ අළුත්ම සිද්ධියකි.

ආසියානු ක්‍රිකට් තරග ලොව පුරා රූපවාහිනියෙන් විකාශය කිරීමේ අයිතිය ඇති නිම්බස් ක්‍රිකට් විචාරය අතරතුරදී දිනමිණ සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ගවස්කාර් මේ අදහස පළ කළේය.නිම්බස් ආයතනය ගෙන එන රූපවාහිනී විස්තර ප්‍රචාරයට ශ්‍රී ලංකාවේ රොෂාන් අබේසිංහ මහතාද එක්ව සිටී. ශ්‍රී ලංකා පිළේ ඇන්ජලෝ මැතිව්ස් හා තිසර පෙරේරා ආබාධවලට ලක්වීම කණ්ඩායම පසු බැසීමට බලපෑ කරණක් බව ගවස්කාර්ගේ අදහස විය.

“ඇන්ජලෝ තරග වෙනස් කරන ක්‍රීඩකයෙක්.ඔහු ඒ බව ඔප්පු කර තිබෙනවා.තිසර පෙරේරා හොද තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.ඕනෑම කණ්ඩායමකට අංක හය,හත හා අට යන ස්ථානවල පන්දුවට පහර දෙන පිතිකරුවන්ගේ සේවය ඉතාම වැදගත්.ඒක ජය පරාජයට බලපාන විශේෂ සාධකයක්.ඔවුන් දෙදෙනා සිටියානම් ශ්‍රී ලංකාව මේ තරගාවලියේදී අත්වූ ප්‍රතිළුලය වෙනස් වෙන්න තිබුණා”ගවස්කාර් පැවැසීය.

ශ්‍රී ලංකා පිළට ගෙවීගිය කාලයේදී තරගාවලි ඹසකට මුහුණදීමට සිදුවීමද ආසියානු තරගාවලියේ පසුබැසීමට බලපෑ තවත් හේතුවක් බව ගවස්කාර් පැවැසීය. ආසියානු ක්‍රිකට් තරගාවලියට තවත් රටවල් දෙකකටවත් අවස්ථාව ලබාදීම ඉතා වැදගත් බව ගවස්කාර් පෙන්වා දෙයි.කළාපයේ ක්‍රීඩාව තව දුරටත් පුළුල් කිරීම උදෙසා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පැවැත්වීමේ වැදගත්කම හෙතම අවධාරණය කළේය.

“මේ තරගාවලිය සති දෙකකට පමණ සීමා වුණා.කණ්ඩායම් 6ක් සහභාගී වෙනවා නම් තරගාවලිය සති තුනක් දක්වා දීර්ඝ වෙනවා.එසේ වුවහොත් තරගාවලිය කළාපයේ ක්‍රිකට් දියුණුවට තව තවත් වැදගත් වෙන්වා යැයි ගවස්කාර් වැඩිදුරටත් පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා