මුද්‍රණය සඳහා

 
මාතලේ හොකී සැණකෙළිය හෙට

මාතලේ හොකී සැණකෙළිය හෙට

දිවයිනේ හොකී නිජබිම ලෙස සැලකෙන මාතලේ පුරවරයේ ප්‍රවීණයන්ගේ හොකී සැණකෙළිය හෙට (25) මාතලේ එඩ්වඩ් හොකී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙහිදී පිරිමි වයස අවුරුදු 40 න් ඉහළ අන්තර් ක්‍රීඩා සමාජ හොකී තරගාවලියක් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා හොකී පිල නියෝජනය කළ ප්‍රවීණ හොකී ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත මාතලේ විජය, මල්වත්ත, සහිරා සහ පාර්ක් යන ක්‍රීඩා සමාජ මෙහිදී තරග වදිති. මුල් වටයේ තරග ලීග් ක්‍රමයට පැවැත්වේ. යු. එල්. එම්. ලකිබ් අභියෝගතා කුසලානය සඳහා මාතලේ මල්වත්ත ක්‍රීඩා සමාජය දෙවැනි වරටත් මෙම තරගාවලිය සංවිධානය කරයි.

මෙම හොකී සැණකෙළියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා සහභාගී වේ. 1969 දී ආරම්භ කළ මාතලේ දිසාවේ පැරණිතම ක්‍රීඩා සමාජයක් වන මල්වත්ත ක්‍රීඩා සමාජයෙන් බිහිවූ ප්‍රවීණ හොකී ක්‍රීඩකයන් ක්‍රීඩා පරිපාලකයන් හා සංවිධායකවරු සිහිකරමින් උපහාරයක් ලෙස මෙම හොකී සැණකෙළිය සංවිධානය කෙරෙන බව මල්වත්ත ක්‍රීඩා සමාජ ලේකම් යු. එල්. එම්. ලතීබ් මහතා දිනමිණට පැවසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]