ගාල්ල නගරාධිපති නිල නිවසට මැර ප්‍රහාරයක්

ගාල්ල නගරාධිපති නිල නිවසට මැර ප්‍රහාරයක්

ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතාගේ නිවසට ඊයේ (23) අලුයම මැර ප්‍රහාරයක් එල්ල කර තිබේ. ගාල්ල නගර සභාව විසින් මේ දිනවල ගාල්ල නගරයේ පිහිටි අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරන අතර කෝපයට පත් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

ගාල්ල නගරය ආසන්නයේ පිහිටි නගරාධිපතිවරයාගේ නිවසට සහ ගේට්ටුවට ගල්මුල් ප්‍රහාර එල්ලවීමෙන් හානි සිදුවී තිබේ. ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා දිනමිණට පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා