සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාට ප්‍රදේශවාසීහු පහර දෙති

කෝට්ටේ භික්ෂු ඝාතනය

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාට ප්‍රදේශවාසීහු පහර දෙති

කෝට්ටේ රජමහා විහාරයේ සිදු වූ හිමිවරුන් දෙනමගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයාට ප්‍රදේශවාසීන් ඊයේ (23) පහර දී ඇත.

ඝාතනය සිදු වූ පසුගිය 21 දා රාත්‍රියේම ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ව මිරිහාන පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්අතර ඊයේ (23) ඔවුන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ සුමිත් සිල්වා මහතාට උසාවි භූමියේ දීම පහර දී ඇත.

පහර කෑමෙන් නීතිඥයා බරපතළ තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති අතර මේ පහරදීම පිළිබඳව මිරිහාන පොලීසියේ පැමිණිල්ලක් ද කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ‘දිනමිණ’ට පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා