එජා මානව හිමිකම් කොමිසම තමන් පිළිබඳ ලැජ්ජා විය යුතුයි

එජා මානව හිමිකම් කොමිසම තමන් පිළිබඳ ලැජ්ජා විය යුතුයි

ඊශ්‍රායලය දොස් නගයි

ඊශ්‍රායල ජනාවාස ඉදිකිරීම සම්බන්ධයෙන් පළමු වරට පරීක්ෂණයක් පැවැත්වීමට නියෝගකළ එ.ජා මානව හිමිකම් කොමිසමේ යෝජනාව ‘කුහකත්වය පිළිබිඹු කරන්නක් “ බව ට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පෙරේදා චෝදනා කළේය.

මේ කොමිසම ඊශ්‍රායලයට සතුරුවන බහුතරයකින් යුත් අතර කුහකත්වය පිළිබඹුකරන්නක් යැයි නෙතන්යාහු ප්‍රකාශ කළ බව ඔහුගේ කාර්යාලයෙන් නිකුත් වූ නිවේදනයක සඳහන්ව තිබේ. මේ නිසා එ.ජා.මානවහිමිකම් කොමිසම තමන් පිළිබඳව ලජ්ජාවිය යුතු බවද ඔහු කියා ඇත.

ඊශ්‍රායල ජනාවාස ඉදිකිරීමේ ක්‍රියාවලියෙන් පලස්තීන ජනතා අයිතීන් උල්ලංඝණය වන ආකාරය විමර්ශනය කිරීම සඳහා පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කෙරුණු යෝජනාවක් පසුගියදා මානව හිමිකම් කොමිසම අනුමත කරන ලදී. එම යෝජනාවට සාමාජික රටවල් 36 කගේ අනුමැතිය ලැබුනු අතර 10 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී තිබිණ.

යෝජනාවට එරෙහිව ඡන්දය පාවිච්චි කරන ලද්දේ එක්සත් ජනපදය පමණි. “පෙරේදා වනවිට කොමිසම තීන්දු 91 ක් ගෙනතිබුණ නමුත් ඉන් 39 ක්ම ඊශ්‍රායල සම්බන්ධයෙන් බව නෙතන්යාහු කීවේය. එහෙත් පලස්තීනය මේ යෝජනාව සම්මත වීම පලස්තීනුවන් ගේ ජයග්‍රහණයක් ලෙස හඳුන්වා ඇත.

එමගින් අන්තර්ජාතික ප්‍රජාව ඊශ්‍රායල ජනාවාස ඉදිකිරිම් නීතිවිරෝධි වූවක් බව මෙන්ම එය වහා අත්හිටවිය යුතු බව පෙන්වාදී ඇතැයි ඔවුහු ප්‍රකාශ කරති. එහෙත්මේ යෝජනාව විකාරයක් බව පවසන ඊශ්‍රායල් විදේශ අමාත්‍යාංශය මැද පෙරදිග පුරා මානව හිමිකම් උල්ලංඝණය වෙද්දී මානව හිමිකම් කොමිසම පලස්තීනුවන් සනහාලීමට මෙවන් දෙයක් කරන බවද කියා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා