ප්‍රංශය බිය වැද්දූ අල්කයිඩා සහායකයාට හිසට වෙඩි තබා මරා දමයි

ප්‍රංශය බිය වැද්දූ අල්කයිඩා සහායකයාට හිසට වෙඩි තබා මරා දමයි

යුදෙව් පාසල් ළමයින් හමුදා සෙබළුන් හා ගුරුවරයකු ඝාතනය කිරීමෙන් ප්‍රංශයම භීතියෙන් ඇලලූ ඝාතකයා රැ‍ඳුනු නිවාසය වැටලූ සන්නද්ධ පොලීසිය පෙරේදා ඔහු වෙඩිතබා මරාදැමීමට සමත්ව තිබේ. මේ ඝාතක ක්‍රියාවලිය නිසා ප්‍රංශ ජනාධිපතිවරණ ව්‍යාපාරයද තාවකාලිකව නැවතී තිබිණ.

පොලිසියේ විශේෂ ඒකකයක් මගින් ඝාතකයා සි‍ටි නිවස තිස් දෙපැයක් තිස්සේ වටලා තිබිණ. අල්කයිඩා සටන්කාමියෙකුයැයි කියාගත් මේ ඝාතකයා අවසානයේ පොලිසියට වෙඩි තබමින් පලා යාමට තැත්කිරීමේදී පොලීසිය ඔහු වෙඩිතබා ඝාතනය කර තිබේ.  අල්කයිඩාවට සම්බන්ධ ජූන්ඩ් අල් කයිලාෆා නම් සංවිධානය මේ ඝාතකයාගේ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම බාරගෙන තිබේ.

ඔහු ළමයින් තිදෙනකු සෙබළුන් තිදෙනකු හා ගුරුවරයකු වශයෙන් පුද්ගලයන් 7 දෙනකු වෙඩිතබා ඝාතනය කිරීමෙන් ප්‍රංශයම භීතියෙන් ඇලලී ගොස් තිබිණ. මේ ඝාතනයන් නිසාම මැතිවරණ ව්‍යාපාරයක් මැද පවත්නා ආරක්ෂක තත්ත්වය පිළිබඳව විශාල සංවාදයක්ද ගොඩනැගී තිබේ. 23 හැවිරිදි මොහමඩ් මෙරා නම් මේ ඝාතකයා පෙරේදා විශේෂ පොලිස් බලකාය ඔහුගේ නිවස වැටලූ පසු කළු ඇඳුමකින් සැරසී වැසිකිලියක සිට පොලීසියට වෙඩිතබාගෙන එළියට පැමින ඇත. පොලීසිය ඔහුගේ හිසටම වෙඩිතබා ඇති අතර ඔහු සිදුකළ සෑම ඝාතනයක්ම ඔහු විසින්ම වීඩියෝ ගත කර ඇති බවද පැවසී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා