දුම්රිය ගාස්තු සංශෝධන යෝජනාව ඉන්දියාව අකුළා ගනී

දුම්රිය ගාස්තු සංශෝධන යෝජනාව ඉන්දියාව අකුළා ගනී

ඉන්දීය රජය දුම්රිය ගාස්තු ඉහල නැංවීමේ රජයේ සැලැස්ම පෙරේදා අවලංගු කරන ලදී . දැඩි ප්‍රතිපත්තිමය තීන්දු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මතුව ඇති දුෂ්කරතාවන් කෙ‍රෙහි අවධෘනය යොමුකරමින් ඔවුන් මෙම තීරණයට එළඹ ඇත.

දුම්රිය ගාස්තු ඉහල දැමීමේ යෝජනාව ගෙන ආ හිටපු දුම්රිය ඇමති ට්‍රිවේදි ඒ සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනය මැද ඉල්ලා අස්වූ අතර නවදුම්රිය ඇමතිවන මුකුල් රෝයි පවසා ඇත්තේ දැනමත් දැඩි පීඩනයට ලක්ව සිටින සාමාන්‍ය ජනතාව ට සහන ගෙනදීම තම අරමුණ බවය.

ට්‍රිවේදි ගේ දුම්රිය ගාස්තු ඉහල දැමීමේ යෝජනාව ඉන්දීය සභාග රජයේ පාර්ශව කරුවකු වන ඔහු අයත් ට්‍රිනමූල කොංග්‍රස්පක්ෂයේ විරෝධයට හේතු වීමෙන් ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය. කෙසේවෙතත් මෙසේ දුම්රිය ගාස්තු ඉහල දැමීම අත්හිටුවීමෙන් ආර්ථික වර්ධනය කෙරේ එය අහිතකර ලෙස බලපානු ඇතැයි ප්‍රවාහන විශේෂඥයන් විසින් පෙන්වා දි ඇත. දේශපාලනය කෙරේ බලපාන බැවින් දුම්රිය ගාස්තු වලට අත නොතැබිය යුතුය යන මතය ඒවා ඉහළ දැමීමෙන් දෙදරා ගියද යළි එම තීරණය වෙනස් කිරීමෙන් වැරදි පූර්වාදර්ශයක් දී ඇතැයි ඔවුහු කියති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා