අප සාමය සහ සංහිඳියාව කරා දිවෙන මාවතේ ඉදිරියටම යමින් සිටිමු.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 මාර්තු 28 වැනි දින කොළඹදී


කාල්ටන් සුව උදාන සෞඛ්‍ය පෝෂණ සමාජ සත්කාරක හා සමාජ සුබසාධන ව්‍යාපෘතියේ 12 වැනි වැඩසටහන

කාල්ටන් සුව උදාන සෞඛ්‍ය පෝෂණ සමාජ සත්කාරක හා සමාජ සුබසාධන ව්‍යාපෘතියේ 12 වැනි වැඩසටහන ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර, අයගම ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේදී පැවැති අතර, එහිදී වැඩිහිටි කාන්තාවකට උපැස් යුවළක් පළඳවන අයුරු.


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

රට සංවර්ධනයට රණවිරු දායකත්වයෙන්

බිලියන දහස් ගණනක ඉතිරියක්

2011 විගණකාධිපති වාර්තාවෙන් හෙළි වෙයි

යුද්ධයෙන් පසු මෙරට ත්‍රිවිධ හමුදාව බැරැක්කවලට සීමා නොකර රටේ සංවර්ධනයට දායක කර ගැනීමෙන් මෙරට සහ පිටරට පෞද්ගලික ව්‍යාපාරික ආයතනවලට ගෙවීම් කළ බිලියන දහස් ගණනක මුදලක් ඉතිරිකර ගැනීමට හැකිවී තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව ත්‍රිවිධ හමුදාව යුද්ධයෙන් පසු රටේ සංවර්ධන කටයුතුවලට හවුල්කර ගැනීම ආරම්භ කෙරිණි.

විස්තර »

තෙල් සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතිය විගණනයට

පරිගණක මෘදුකාංග පද්ධතිය නිවැරැදිව ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා ස්වාධීන තොරතුරු තාක්ෂණ විගණනයක් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම හා ලංකා ඉන්දියානු තෙල් සමාගම තුළ ක්‍රියාත්මක කරන ලද ආයතනික සම්පත් සැලසුම් මෘදුකාංග පද්ධතිය මෙලෙස විගණනය කිරිමට පියවර ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දයානන්ද විදානමාච්චි මහතා පැවැසීය.

විස්තර »

අතිරේක ආහාර බෝග 11ක නිෂ්පාදන වැඩිකරන සැළසුම්

අතිරේක ආහාර බෝග නිෂ්පාදන කඩිනම් වැඩපිළිවෙළ යටතේ මෙම වසරේ දී බෝග 11 ක නිෂ්පාදනය වැඩි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැළසුම් සකස් කර තිබේ. ලොකු ළූණු, රතු ළූණුු, වියළි මිරිස්, බඩ ඉරිඟු, කුරක්කන්, මුං ඇට, කඩල, කවුපි, සෝයා බෝංචි, රටකජු හා තල එම බෝග වර්ග වන අතර මේ බෝග නිෂ්පාදනය කළ හැකි ප්‍රදේශවලට අවශ්‍ය බීජ, පොහොර ඇතුළු සියලු අවශ්‍යතා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ සපයනු ලැබේ.

විස්තර »

අපේ උගත් පාඩම් වාර්තාවේ අයිතිය ඇතැමුන් උදුරාගන්න හදනවා

අප විසින්ම ක්‍රියාත්මක කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසන් වාර්තාවේ අයිතිය උදුරා ගන්නට ඇතැමුන් උත්සාහ කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. එලෙස උදුරාගෙන අපි විසින්ම එම වාර්තාව සඳහා අන්තර්ගත කළ නිර්දේශ මෙන්ම මේ මේ දේවල් ක්‍රියාවට නංවන්නැයි ඔවුන් අපිටම බලපෑම් කරන බවද ඒ මහතා සඳහන් කරයි.

විස්තර »

දරුවන් 21ක් දායාද කළ පොඩි නෝනා මාතාව ඇතුළු

2100ක් ‘අභිමන් මාතා’ බුහුමන් ලබති

සිය කුසින් දූ දරුවන් අට දෙනකුට වඩා රටට දැයට බිහිකළ සහ සිය දූ දරුවන් තිදෙනෙකුට වඩා වැඩි දෙනෙකු උපාධිධාරීන් බවට පත් කළ රත්නපුර දිස්ත්‍රික්කයේ වීර මාතාවන් දෙදහස් එකසිය දෙනෙකු (2100) වෙත උපහාර තිළිණ පිරිනැමෙති.  “අභිමන් මාතා” නැමති මේ මාතෘ උපහාර උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලේදී පැවැත්විණි.

විස්තර »

උපාධි ගුරුවරුන් 3000ක් බඳවා ගැනීම

සම්මුඛ පරීක්ෂණ අවසන් අදියරේ

සංවර්ධනය කෙරෙන ද්විතීයික පාසල් දහසේ උපාධිධාරී ගුරුවරු 3000ක් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අවසන් අදියරේ පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. තොරතුරු තාක්ෂණය, විද්‍යාව, ගණිතය, සහ ඉංග්‍රීසි යන විෂයයන් සඳහා මේ ගුරුවරුන් බඳවා ගැනේ. ද්විතීයික පාසල් දහස සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ විභාගය සඳහා 17500ක පෙනී ඇති බවත් විභාගය සමත් උපාධිධාරීන්ගෙන් 3000ක් ද්විතීයික පාසල් දහස සඳහා බඳවා ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දිනමිණ ට ප්‍රකාශ කළේය.

විස්තර »

බදු සංශෝධනයේ අරමුණ

මත්පැන් දුම්වැටිවලින් බිලියන 3ක ආදායම්

ආනයනික වාහන අඩු කිරීම

ඉන්ධන පිරිමැස්ම

- මහා භාණ්ඩාගාර නි.ලේකම්

රජය සිදු කළ තීරු බදු සංශෝධනයේ අරමුණ ආනයනික වාහන ප්‍රමාණය අඩු කිරීම සහ ඉන්ධන පරිභෝජනය අවම කිරීම බව මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි.

විස්තර »

ගත වූ පැය 30ට රිය අනතුරු මරණ 11යි

ගතවූ පැය 30ක කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයන් 11 දෙනකු මියගොස් ඇත. ඒ අනුව ගාල්ල නාගොඩ, තිහගොඩ, මින්නේරිය, අම්බලන්ගොඩ, නුවරඑළිය යන ස්ථානවල මාරක රිය අනතුරුවලින් එක් පුද්ගලයකු බැගින් ද කෑගල්ල සහ කඩුවෙල දී සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු බැගින් ද මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසී ය.

විස්තර »

මීගමුවේ හිරගෙදර සුපිරි සිරමැදිරි ගැන වහාම පරීක්‍ෂණ

මීගමුව බන්ධනාගාරයේ සුපිිරි සිරමැදිරි සහ වාට්ටු සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වන බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඒ. දිසානායක මහතා පැවැසීය. එසේම එවැනි වාට්ටුවක් පවත්වාගෙන යන බව අනාවරණය වුවහොත් වහාම කඩිනම් විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ඒ මහතා පවසයි.

විස්තර »

රටට එරෙහි විදේශ බලවේග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ප්‍රථම ජන රැළිය

රටට එරෙහි විදේශ බලවේග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් රට පුරා පළාත් මට්ටමෙන් පැවැත්වෙන ජනරැළි මාලාවේ ප්‍රථම ජන රැළිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, බෝගම්බර, ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවැත්විණි. ජනාධිපතිවරයා රැළියට පැමිණි දැවැන්ත ජන ගඟට ආචාර කළ අයුරු සහ රැස්ව සිටි පිරිසෙන් කොටසකි මේ. අගමැති දි. මු. ජයරත්න, ඇමැතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත, එස්. බී. දිසානායක මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ. ඡායාරූප - සුදත් සිල්වා

‘අභිමන් මාතා’මාතෘ උපහාර උළෙල

‘අභිමන් මාතා’මාතෘ උපහාර උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලේදී පැවැත්විණි. සිය කුසින් දරුවන් 21 දෙනකු දැයට දායාද කළ ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි අනු අට හැවිරිදි ඩබ්ලිව්. එච්. පොඩිනෝනා මාතාව ජනපති අතින් උපහාර තිළිණය ලබා ගත් අයුරු. ඡායාරූපය - සුදත් මලවීර

 

ඉපදුන බිමට එරෙහිව නැගිටින්න එපා
රට යෝජනා සෙල්ලමකට ගන්ට එපා
ඉරිසියාව ලෝකෙට පෙන්වන්න එපා
බොරු චෝදනා කොට ඉල්ලන් කන්ට එපා

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast