උපාධි ගුරුවරුන් 3000ක් බඳවා ගැනීම

උපාධි ගුරුවරුන් 3000ක් බඳවා ගැනීම

සම්මුඛ පරීක්ෂණ අවසන් අදියරේ

සංවර්ධනය කෙරෙන ද්විතීයික පාසල් දහසේ උපාධිධාරී ගුරුවරු 3000ක් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අවසන් අදියරේ පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. තොරතුරු තාක්ෂණය, විද්‍යාව, ගණිතය, සහ ඉංග්‍රීසි යන විෂයයන් සඳහා මේ ගුරුවරුන් බඳවා ගැනේ.

ද්විතීයික පාසල් දහස සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ විභාගය සඳහා 17500ක පෙනී ඇති බවත් විභාගය සමත් උපාධිධාරීන්ගෙන් 3000ක් ද්විතීයික පාසල් දහස සඳහා බඳවා ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දිනමිණ ට ප්‍රකාශ කළේය.

මෙම උපාධිධාරී ගුරුවරුන්ගෙන් තොරතුරු තාක්ෂණය සඳහා ගුරුවරුන් 1000ක්ද බඳවා ගැනීමට නියමිත අතර මේ උපාධිධාරීන් 3000 ට ජාතික අධ්‍යාපන පීඨයේ සහ විද්‍යා පීඨ මඟින් ඒ ඒ විෂය සඳහා කෙටි කාලීන කඩිනම් පුහුණුවක් ද ලබාදීමට නියමිතය.

පාසල් පාදක කරගෙන ගුරුවරුන් බඳවා ගන්නා පළමු වතාව මෙය වන අතර ද්විතීයික පාසල් දහස සඳහා බඳවා ගන්නා ගුරුවරුන් ද්විතීයික පාසල පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේවය කිරීමට කැමැත්ත පළ කළ යුතු වේ.

මේ අනුව අදාළ ගුරුවරයා එම පාසලේ වසර 05ක සේවය කළ යුතු අතර ස්ථාන මාරුවීම් ලබා දෙනු නොලැබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා