තෙල් සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතිය විගණනයට

තෙල් සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතිය විගණනයට

පරිගණක මෘදුකාංග පද්ධතිය නිවැරැදිව ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා ස්වාධීන තොරතුරු තාක්ෂණ විගණනයක් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම හා ලංකා ඉන්දියානු තෙල් සමාගම තුළ ක්‍රියාත්මක කරන ලද ආයතනික සම්පත් සැලසුම් මෘදුකාංග පද්ධතිය මෙලෙස විගණනය කිරිමට පියවර ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දයානන්ද විදානමාච්චි මහතා පැවැසීය.

මාස 06 ක සේවා කාලයක් සඳහා අමෙරිකන් ඩොලර් විසිපන්දාහක ගෙවීමක් යටතේ විදේශීය වෘත්තිකයකුගේ සේවා ලබා ගැනීමටද යෝජනා වී ඇති බවද හෙතෙම කීවේය.

මෙය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආයතනික සම්පත් සැලසුම් පරිගණක මෘදුකාංග පද්ධතියේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ කරනා විගණනයක් මිස දීර්ඝ කාලීන උපදේශන සේවාවක් ලබාගැනීමක් නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

පඅසුගිය කාලසීමාව තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථවේ මේ පරිගණක පද්ධතිය තුළින් වංචා හා වැරැදි වී ඇද්දැයි විගණනයකට ලක්කොට නොමැති බවද විදානගමාච්චි මහතා ප්‍රකාශ කෙළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා