ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයට බඳවා ගැනීමේ වයස වැඩි කරයි

ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයට බඳවා ගැනීමේ වයස වැඩි කරයි

ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයට බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව අවුරුදු තිහ දක්වා වැඩිකර ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (30) ප්‍රකාශ කළේය.

වයස් සීමාව වැඩි කිරීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලැබී ඇති බවත් අප්‍රේල් මුල් දෙසතිය තුළ නව වයස් සීමාව ප්‍රකාශ කරමින් ගැසට් පත්‍රය නිකුත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ආචාර්ය සරත් අමුණුගම මහතා මේ බව සඳහන් කළේ 23-2 ස්ථාවර නියෝගය යටතේ පත් කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ ධ්ධ් ශ්‍රේණියට බඳවා ගැනීමේ වයස් සීමාව 2012-03-23 වැනි දිනට අවුරුදු 18 ට වඩා අඩු විය යුතු බවට පනවා ඇති නීතිය නිසා විශාල පිරිසකට අසාධාරණයක් සිදුවන බවයි. ගණකාධිකාරි සේවයේ ධ්ධ් වන ශ්‍රේණිය සඳහා වන තරග විභාගය වසර හයකින් පවත්වා නොමැති බවත්, මේ හේතුවෙන් උපාධිධාරීන් දස දහසකට වඩා වැඩි පිරිසකට අසාධාරණයක් සිදුව ඇති බවත් දිසානායක මහතා පෙන්වා දුන්නේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා