කිරි ගවයන් 500ක් ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වයි

කිරි ගවයන් 500ක් ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වයි

දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කිරි දෙනුන් දෙදහසක් මෙරටට ගෙන්වීමට හා තෘණ භාවිතය පදනම් කරගත් නවීන කළමනාකරණ දැනුම ලබාගැනීමට පියවර ගැනේ.

එහි මූලික පියවර ලෙස ඔස්ට්‍රෙලියාවෙන් කිරි ගවයන් පන්සීයක් පසුගිය 28 දා මෙරටට ආනයනය කෙරිණි.

පශු සමිපත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ අදහසකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.

වසර 2016 වනවිට ශ්‍රි ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීමේ මහින්ද චින්තන ජාතික වැඩපිළිවෙළේ එක් අංගයක් ලෙස මෙය ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙම සතුන් මෙරටට භාරගැනීමේ වරායේ පැවති උත්සව අවස්ථාව සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්. ආර්. මිත්‍රපාල මහතා ඇතුළු උසස් නිලධාරීන් සහභාගී වූහ.

ජර්සි හා ප්‍රීෂියන් වර්ග වලට අයත් මෙම කිරි දෙනුන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් බෝපත් තලාව ගොවිපළ වෙත භාර දී ඇත.

මෙම සතුන්ගෙන් බිහිකර ගනු ලබන පැටවුන් සාධාරණ මිලකට ගොවීන් වෙත ලබාදීමට අපේක්ෂා කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා