ඕසොන් වියන සුරැකීමට කළමනාකරණ වැඩ පිළිවෙළක්

ඕසොන් වියන සුරැකීමට කළමනාකරණ වැඩ පිළිවෙළක්

ඕසෝන් වියනට හානිකරන හයිඩ්‍රෝ ක්ලොරෝ ප්ලෝරෝ කාබන් (එච්. සී. එෆ්. සී.) භාවිතයෙන් තුරන් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය කළමනාකරණ සැලැස්මක් ක්‍රියාවට නංවයි.

මේ යටතේ 2013 ජනවාරි 01 වැනිදා සිට එච්. සී. එෆ්. සී. භාවිතය පාලනය කරන අතර 2015 පෙබරවාරි 1 වැනිදා වන විට සියයට 10 කින්ද 2020 ජනවාරි 1 වැනිදා වන විට සියයට 35 කින්ද 2025 ජනවාරි 1 දා වන විට සියයට 67.5 කින්ද වසර 2030 වනවිට සියයට 100 කින්ද හෙවත් මුළුමනින්ම ඉවත් කරනු ඇත.

එහෙත් සේවාවන් සඳහා පමණක් 2040 දක්වා සියයට 2.5 ක භාවිතයක් සඳහා ඉඩ සැලසේ්. එච්. සී. එෆ්. සී. අපනයනය ක්‍රමිකව පාලනය කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක්ද හඳුන්වා දෙන බව පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

ජාත්‍යන්තර රේගු සන්ධානය විසින් භාණ්ඩ ආනයනයේදී හා අපනයනයේදී ඒවා හඳුනා ගැනීම සඳහා එච්. එස්. සංකේත යටතේ පොදු අංකන ක්‍රමයක් ස්ථාපනය කර ඇත.

ලෝක වෙළඳාමේද රටවල් 200 කට අධික සංඛ්‍යාවක් හා ලෝක වෙළඳාමෙන් සියයට 98 ක ප්‍රතිශතයක් මෙම අංකන ක්‍රමය භාවිතයට යොදා ගනී. මෙම අංකන භාවිතයට ගනු ලබන්නේ රේගු බදු අයකිරීම සහ අභ්‍යන්තර වෙළෙඳ තත්ව නඩත්තු කිරීම සඳහාය.

2012 ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මත වීමට නියමිත එච් එස් 2012 සංශෝධනවලට අනුව වඩාත් බහුල ලෙස අන්තර්ජාතික වෙළඳාමෙහිදී හුවමාරු වන එච්. එස්. එෆ්. සී. රසායන ද්‍රව්‍ය 5ක් සඳහා වෙන් වෙන් වශයෙන් සංශෝධිත වර්ගීකරණ අංක හඳුන්වා දෙනු ලැබේ.

එසේම 2012 ජනවාරි සිට භාවිතයෙන් ඉවත්කරන ක්ලෝරෝ ප්ලෝරෝ කාබන් (සී. එෆ් සී.) සඳහා සියල්ල එක් ගොනුවක් ලෙස තනි අංකයක් ලබා දී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා