මුද්‍රණය සඳහා

 
 බොක්සිං සූරයාගේ රන් කිරුළ ඩො. මිලියනකට වෙන්දේසි වෙයි

බොක්සිං සූරයාගේ රන් කිරුළ ඩො. මිලියනකට වෙන්දේසි වෙයි

ලෝක හෙවිවේට් බොක්සිං සූර යුක්රේනයේ ව්ලැඩිමිර් ක්ලිට්ස්කෝ 1996 වසරේ ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලියේදී දිනාගත් සිය රන් පදක්කම අමෙරිකානු ඩොලර් මිලියනයකට වෙන්දේසි කළේය. ඒ ඔහු විසින් ආරම්භ කරන ලද දරුවන් වෙනුවෙන් වූ සුබසාධන කටයුතු උදෙසාය.

ක්ලිට්ස්කෝ පදනම මගින් සංවිධානය කළ මේ වෙන්දේසියේදී දියමන්ති 412 ක් සහිත ඔහුගේ අත් ඔරලෝසුවක් ද වෙන්දේසි කෙරිණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]