ගත වූ පැය 30ට රිය අනතුරු මරණ 11යි

ගත වූ පැය 30ට රිය අනතුරු මරණ 11යි

ගතවූ පැය 30ක කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයන් 11 දෙනකු මියගොස් ඇත. ඒ අනුව ගාල්ල නාගොඩ, තිහගොඩ, මින්නේරිය, අම්බලන්ගොඩ, නුවරඑළිය යන ස්ථානවල මාරක රිය අනතුරුවලින් එක් පුද්ගලයකු බැගින් ද කෑගල්ල සහ කඩුවෙල දී සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු බැගින් ද මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසී ය.

මාරක රිය අනතුරු 07 කදී මේ මරණ සිදු වී ඇති අතර මේ සියලුම මාරක රිය අනතුරු රියැදුරන් ගේ වරදින් සිදු වූ ඒවා බවත් අධික වේගය නිසා රිය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මේ අනතුරු සියල්ල සිදු වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා “දිනමිණ” ට පැවසී ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා