අවුන් සාන් සූකි මැති සබයට යවන්න මියෙන්මාර ජනතාව දැඩි උනන්දුවෙන් ඡන්දය‍ දෙති

අවුන් සාන් සූකි මැති සබයට යවන්න මියෙන්මාර ජනතාව දැඩි උනන්දුවෙන් ඡන්දය‍ දෙති

මියන්මාරයේ වත්මන් දේශපාලන ප්‍රති සංවිධානවල කොටසක් වශයෙන් ඊයේ පැවැත් වූ අතුරු මැතිවරණයෙන් අවුන් සාන් සුකී යළිත් වරක් එරට පාර්ලිමේන්තුවට පත් කිරීමට මියන්මාරයේ ජනතාව ඉතා උනන්දුවෙන් ඊයේ ඡන්ද පොළට පැමිණුන බව වාර්තා වේ .

 මියන්මාර විපක්ෂ නායිකා අවුන්සාන් සූකි ඇය නියෝජනය කරන ක්වාහ්මු අසුනේ ඡන්ද මධ්‍යස්ථානයක් නිරීක්ෂණයේ යෙදුණු අයුරු.සූකිට මැති සබා අසුනක් නියෝජනයට ඉඩ සලසන අතුරු මැතිවරණය ඊයේ පැවැත්විණි‍

 මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූකි දැක ගැනීම සඳහා මාර්ගයක් අසලට රැස්ව සිටි‍ බෞද්ධ භික්ෂුනීන්වහන්සේ සහ සාමණේර භික්ෂුනීන් වහන්සේ.

මෙම මැතිවරණයෙන් ලබන ජයග්‍රහණය 66 වියැති එරට ප්‍රඡාතන්ත්‍රවාදයේ ප්‍රතිමුර්තිය වශයෙන් සැලකෙන අවුන් සාන් සුකීගේ දේශපාලන ජීවිතයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරණු ඇතැයි විශ්වාස කෙරේ . ජුන්ටා පාලනය යටතේ පසුගිය වසර 22ක කාලයේන් වැඩිහරියක්ම ඇය ගෙවා ඇත්තේ නිවාස අඩස්සියේ යී . .

අවුන් සාන් සුකී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබා තිබුණද නිවාස අඩස්සියේ පසුවු බැවින් ඇයට කලින් පැවති මැතිවරණවලට ඉදිරිපත් වීමට හැකියාවක් ලැබුණේ නැත .

ඊයේ පැවති අතුරු මැතිවරණයේ දී ඇයගේ පක්ෂය ආසන 45 න් 44 කට තරග වැදිණි . ඡන්ද ව්‍යාපාරය දූෂිත එකක් බවට සුකීගේ පක්ෂය චෝදනා කරයි .

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා