රට සංවර්ධනය කිරීම ඔබගේත් අපගේත් වගකීමකි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 මාර්තු 3 කොළඹ දී



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

සුනාමි අවදානම් පහව යයි

මෙතෙක් පැවති සුනාමි අවදානම් තත්ත්වය පහව ගොස් ඇති බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහෙයින් සාමාන්‍ය පරිදි ක්‍රියා කිරීමේ වරදක් නැති බවත්  පවසයි

සුනාමි තත්ත්වයක්? වහාම ආරක්ෂාකාරී ස්ථාන වෙත යන්න

8.7 ප්‍රබල භූමිකම්පාවක් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත් ආසන්නයෙන් වාර්තා වී ඇති අතර සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම ආරක්ෂාකාරී ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සමෘද්ධි සහනාධාරය
33%කින් ඉහළට

* සහනාධාරය කාණ්ඩ තුනක් යටතේ
වහා ක්‍රියාත්මකයි

* සමෘද්ධිලාභීන්ට බැංකු ගිණුමකින් ප්‍රතිලාභ

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබා දෙන සමෘද්ධි සහනාධාරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට රජය තීරණය කරයි. පසුගිය අයවැය මඟින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සියයට 33 ක ප්‍රතිශතයකින් ඉහළ යන මේ සමෘද්ධි සහනාධාරය කාණ්ඩ තුනක් යටතේ ලබා දෙන අතර එය මේ මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව....

විස්තර »

ප්‍රේමකුමාර් ගුණරත්නම්
ශ්‍රී ලංකාවෙන් පිටුවහල්

නම් දෙකකින් පෙනී සිටි ඕස්ට්‍රේලියානු වැසියෙක්

නම් දෙකකින් මෙරට රැඳී සිටි ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන නොයෙල් මුදලිගේ නොහොත් ප්‍රේම්කුමාර් ගුණරත්නම් නැමැත්තා ඊයේ (10) ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කර තිබේ.  ක්වාලාලාම්පුර් බලා පිටත් වූ යූ.එල්.314 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඔහු පිටුවහල් කොට යවා ඇත. නොයෙල් මුදලිගේ නමින් මොහු ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ඇති අතර කුමාර් මහත්තයා නමින් ද....

විස්තර »

කුමාර් හෙවත් නොයෙල් හා දිමුතු ගැන තානාපති සේවා දැනුවත් කෙරෙයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල යන දෙදෙනා සම්බන්ධයෙන් කොළඹ පිහිටි විදෙස් තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාල දැනුවත් කිරීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

විස්තර »

අතුරුදන්ව සිටි දිමුතු ආටිගල
මාදිවෙල දමා ගිහින්

අතුරුදහන් වූ බව කියන පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ කාන්තා අංශයේ නායිකා දිමුතු ආටිගල මෙනවිය ඊයේ (10) උදෑසන මාදිවෙල ප්‍රදේශයට නාඳුනන පිරිසක් විසින් ගෙනවිත් දමා ගොස් තිබේ. ඉකුත් 06 වැනිදා කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ඇය නාඳුනන පිරිසක් විසින් පැහැරගත් බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.මේ සම්බන්ධයෙන් පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා.....

විස්තර »

මගේ පැහැර ගැනීම පිටුපස
ජවිපෙ
නිසැකවම සිටියා

දිමුතු ආටිගල කියයි

තමාගේ පැහැර ගැනීම පිටුපස ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන්ම සිටි බව පසුගියදා පැහැර ගැනීමකට ලක්වූ බව කියන පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ ලේකම් දිමුතු ආටිගල මෙනෙවිය ප්‍රකාශ කර සිටියාය. දිමුතු ආටිගල මෙනෙවිය පැහැර ගැනීමට ලක්වීමෙන් අනතුරුව ඊයේ පෙරවරුවේ මාදිවෙල එම පක්‍ෂ කාර්යාල ප්‍රදේශයේදී වාහනයකින් ගෙන ගොස් අතහැර දමා තිබේ.

විස්තර »

විදුලිය කපන්නේ නෑ

අවුරුදු සමයේ කිසිදු ආකාරයේ විදුලි කප්පාදුවකට ඉඩ නොතබන බව ලංකා විදුලිබල මණ්ඩලයේ හා ලෙකෝ ආයතනයේ කළමනාකාරීත්වය අවධාරණය කරයි. පටු දේශපාලන අරමුණු ඉදිරියට ගෙනෙමින්, සමස්ත මහජනතාව අපහසුතාවට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ බහුතර සේවකයන් කටයුතු නොකරන බවද....

විස්තර »

අවුරුදු කාලේ නොහික්මුණු රියැදුරන්ට වැට

බස් ඇතුළට සිවිල් පොලිස්

අලුත්අවුරුදු සමයේ කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදෙන්නන් හා අවිනීත රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දුරගමන් බස් රථවල සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා තිබේ. ආවේශන නිලධාරීන් ලෙස ඉතා රහසිගතව යොදවන මේ නිලධාරීන් කොළඹින් පිටත යන සියලු බස් රථවල උත්සව සමය අවසන වනතෙක් ගමන් ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

විස්තර »

ගම්පහින් පැහැර ගත් රියැදුරා මරා
වැසිකිළි වළක දමලා

දෙවැනි සැකකරුගේ ප්‍රකාශයෙන් සිරුර සොයා ගනී

මීට සති දෙකකට පමණ පෙර වෑන් රථයක් සමඟ ගම්පහ දී පැහැර ගැනීමට ලක්වූ රියැදුරා ඝාතනය කර වැසිකිළි වළකට දමා තිබිය දී ඊයේ (10) පොලිිසිය මගින් සොයා ගෙන තිබේ. මෙසේ ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා ගම්පහ පෞද්ගලික රෝහලක හිමිකරුගේ රියදුරු බවටද හෙළිව ඇත.

විස්තර »

එදා ජන සේවයට මෙදා උපහාර

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ පැරැණි මහජන නියෝජිතයන් වෙත උපහාර දැක්වීමේ උළෙලක් කතානායක නිල නිවසේදී ඊයේ (10) පැවැත්විණි.

විස්තර »

 
කොහෝ කොහෝ කොහා ඇවිත් කොහෝ කියා අඬනවා
පැරැණි සිරිත් අලුත් වෙලා නැවුම් පුසුඹ හමනවා
තුන් හෙළයම එකා වගේ නැකැත් සිරිත් රකිනවා
මුළු රටටම කිරි ඉතිරේවා කියලා පතනවා !
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast