උසස් අධ්‍යාපනයේදී ඕනෑම පාඨමාලාවක් හැදෑරීමට සහන පොලියට ණයක්

උසස් අධ්‍යාපනයේදී ඕනෑම පාඨමාලාවක් හැදෑරීමට සහන පොලියට ණයක්

උසස් අධ්‍යාපනයේදී තමන් කැමැති ඕනෑම පාඨමාලාවක් හැදෑරීම සඳහා සිසු සිසුවියන්ට ඉතා සහන පොලියක් යටතේ මූල්‍යාධාර සැපයීම සඳහා වන සිසු ණය ක්‍රමයක් කඩිනමින් හඳුන්වාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සැලැසුම් කර ඇත.

පුද්ගල ඇපයක් මත ඉතා පහසුවෙන් මේ ණය සිසුන්ට ලබාදීමට අපේක්‍ෂා කරන බවත් ඒ සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැර තිබෙන බවත් උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පැවසීය.

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ පැවැත්වෙන 265 වන මහපොළ වෙළෙඳ හා අධ්‍යාපන ප්‍රදර්ශනයේ දෙවනි දින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

මහපොළ ශිෂ්‍යාධාර මුදල වැඩිකිරීම සම්බන්ධව අවධානය යොමුව තිබෙන බවද ඒ මහතා මෙහිදී කීය. මේ වෙළෙඳ හා අධ්‍යාපන ප්‍රදර්ශනය මඟින් මහපොළ ශිෂ්‍ය ආධාර අරමුදල් තරවන අතරම මෙහි සේවාව පුළුල් වන බවද හෙතෙම අවධාරණය කළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා