එදා ජන සේවයට මෙදා උපහාර

එදා ජන සේවයට මෙදා උපහාර

අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවැති මෙහිදී ඔවුන්ගේ සේවය අගයමින් උපහාර පිරිනැමිණි. 1956 – 1977 කාලයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ දයා ටී. පැස්කුවෙල්, ඩී. ආර්. රත්නායක වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ මෙන්ම විපක්ෂය නියෝජනය කළ රංජිත් අතපත්තු, ආනන්ද කුලරත්න වැනි මහජන නියෝජිතයෝ 150 ක් පමණ මීට එක්ව සිටියහ.

මේ අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටි අතර ඒ මහතා පැරැණි මහජන නියෝජිතයන් සියලුදෙනා සමඟම සුහද පිළිසඳරක නිරත විය.

නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහත්වරු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී හිටපු සෞඛ්‍ය ඇමැතිනී ශිවා ඔබේසේකර මහත්මියගේ සුවදුක් විමසූ අයුරු මෙහි දැක්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා