රත්නපුර මාපලාන දිය ඇල්ලේ සිරි නරඹන්න යන්න පාරක් නෑ

රත්නපුර මාපලාන දිය ඇල්ලේ සිරි නරඹන්න යන්න පාරක් නෑ

සංවර්ධනය කළොත් සංචාරක කර්මාන්තයටත් රුකුලක්

මාපලාන දිය ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කයේ උසම දියඇල්ල ලෙසින් ප්‍රකට, රත්නපුර මාපලාන දියඇල්ල තවමත් සංචාරක ඇසින් වසන්ව තිබේ.

ගමන් පහසුකම් ඇතිකර සංවර්ධනය කළහොත් එය සංචාරක කර්මාන්තයේ උන්නතියට රුකුලකි.රත්නපුර නගරයේ සිට කිලෝමීටර් 17ක් පමණ දුරින් පිහිටි මෙම දිය ඇල්ලට යාමට මාර්ග පහසුකම් නැත.

දුෂ්කර අඩිපාරක් ඔස්සේ දිය ඇල්ල අසලට ළඟාවිය යුතුය. කළු ගඟට සම්බන්ධ උසම දියඇල්ල ද මෙයයි. ලංකාවේ දිය ඇලි අතරින් උස අනුව 4 වන ස්්ථානය හිමිවන්නේ ද මෙයටයි.

ඇල්ල ඔය දොළ ඉස්මත්තේ සිට ගලා එන දියපහර කළු ගඟට සම්බන්ධ වන්නේ ඊට සැතපුම් 2ක් පමණ දුරකිනි. මෙය ඔසු උයනක් මැද පිහිටීම තවත් විශේෂත්වයකි.

රජ කාලයේ සිටි මාපා කෙනකු මෙම ස්ථානයෙන් දිය නෑ බැවින් “මාපාන ඇල්ල” ලෙසින් ව්‍යවහාර වී පසු කලෙක දී “මාපලාන” ඇල්ල ලෙසින් භාවිතාවට එක් වූ බව ගැමි ජනතාව පවසති.

මෙම දිය ඇල්ල පිළිබඳව ජනතාව දැනුවත් නැති බවද පවසන ගම්වැසියෝ ඒ ගැන ප්‍රසිද්්ධියක් ලබාදී සංවර්ධනය කිරීමෙන් සංචාරක කර්මාන්තයට ප්‍රබෝධයක් මෙන්ම ගම්මානයට ආඩම්බරයක් ලබාදිය හැකි බවද අවධාරණය කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා