මුද්‍රණය සඳහා

 
කොළඹ දිස්ත්‍රික් වොලිබෝල් ජය හෝමාගමට

කොළඹ දිස්ත්‍රික් වොලිබෝල් ජය හෝමාගමට

2012 ජාතික යෞවන කී‍්‍රඩා උළෙල හා සමගාමීව පැවැත්වෙන සමස්ත ලංකා කාන්තා වොලිබෝල් තරගාවලියේ කොළඹ දිස්ත්‍රික්කයේ තරගාවලියේදී හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කණ්ඩායම දිස්ත්‍රික් ශූරතාව හිමි කර ගත්තේය.

ජයග්‍රාහී හෝමාගම ප්‍රාදේශීය බල මණ්ඩල කණ්ඩායම.
ඡායාරූපය - මහරගම විශේෂ

අනුශූරතාවය හිමිවූයේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායමටයි. තරගාවලිය ඉකුත් දා මහරගම ශ්‍රී ලංකා යූත් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

කොළඹ දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 න් කණ්ඩායම් 13 ක් තරගාවලියට සහභාගි විය.

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත යෞවන ක්‍රීඩා උලෙළේ ජාතික තරගාවලියට දිස්ත්‍රික් කණ්ඩායම් 26ක් සහභාගි වීමට නියමිතය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]