|
||
නවරත්න අයෝමය පුරුෂයා තරගයේ කිලෝ ග්‍රෑම් 75 බර පන්තියේ ජය ජනකට
ආර්. එල්. ජේ. නවරත්න අයෝමය පුරුෂයා තේරීමේ තරගාවලියේ කිලෝග්‍රෑම් 75 බර පන්තියේ පළමු ස්ථානය අත්කර ගැනීමට ජනක ෆිට්නස් සෙන්ටර් ක්‍රීඩා සමාජයේ කේ. එම්. ජනක සමත්විය. එහි දෙවැනි ස්ථානය තරුණ සේවා සභාවේ සහන් මුණසිංහට හිමිවූ අතර මසල් චොයිස් ක්‍රීඩා සමාජයේ ජේ. එම්. ප්‍රනාන්දු තුන්වැනි ස්ථානය ලබා ගත්තේය.ලොව හිටපු අයෝමය පුරුෂයන් සිහි කරමින් 25 වැනි වරට පැවැති මේ තරගාවලියේ අවුරුදු 21න් පහළ කණිෂ්ඨ අයෝමය පුරුෂයා ලෙස මසල් චොයිස් ක්‍රීඩා සමාජයේ ජේ. ඇන්තනි ප්‍රනාන්දු තේරී පත්විය. නවරත්න කායවර්ධන ආයතනය සංවිධානය කළ මේ තරගාවලිය පසුගියදා පුරහල පුස්තකාල ශාලාවේදී පැවැත්විණි. කි. ග්‍රෑ. 55 - (1) වයි. එම්. කසුන් සලිඳු (අයන් ආමි ජිම්), (2) එම්. සුමිත්‍ර (ෆීනික්ස් බාබෙල්), (3) ඩී. හර්ෂණ කුමාර (ෆීනික්ස් බාබෙල්) කි. ග්‍රෑ. 60 - (1) අයි. එස්. චාමර (මසල් චොයිස්), (2) එච්. එම්. මහේෂ් (සුපර් හිරේ ෆිට්නස්), (3) ටී. රත්නායක (අයන් ආමි ජිම්) කි. ග්‍රෑ. 65 - (1) ටී. ඉන්දික (මල්ටි ෆිට්නස්), (2) සී. දිල්රුක්‍ෂිත (ෆීනික්ස් බාබෙල්), (3) එච්. එම්. රුචිර අසංක (ෆීනික්ස් බාබෙල්) කි. ග්‍රෑ. 70 - සමින්ද සිල්වා (ජනක ෆිට්නස්), 50න් ඉහළ මාස්ටර් තරගය - ටී. එම්. කරුණාරත්න (ඉසිවර කායවර්ධන) |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |