මුද්‍රණය සඳහා

 
රත්නපුර-ඇඹිලිපිටිය මාර්ගයේ රිය අනතුරකින් දෙදෙනකුට බරපතළයි

රත්නපුර-ඇඹිලිපිටිය මාර්ගයේ රිය අනතුරකින් දෙදෙනකුට බරපතළයි

දස හැවිරිදි පිරිමි ළමයින් දෙදෙනෙකු වෑන් රථයකට යටවීමෙන් ඔවුන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ පල්ලේබැද්දේදී සිදුවූ අනතුරින් තුවාල ලබා ඇත්තේ පල්ලේබැද්ද විදුහලේ සිසුන් දෙදෙනෙකු බව ගොඩකවෙල පොලිසිය කියයි. එක් සිසුවෙකු කොළඹ මහ රෝහලට යවා තිබේ.

රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ. පසුගිය දින පහකදී උඩවලව, බලන්ගොඩ, රත්නපුර, ඇඹිලිපිටිය ප්‍රදේශවලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙකු මරුමුවට පත් වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]