සිරියානු ආරක්ෂක හමුදාව නාගරික ප්‍රදේශවලින් ඉවත් කර ගනී

සිරියානු ආරක්ෂක හමුදාව නාගරික ප්‍රදේශවලින් ඉවත් කර ගනී

සිරියානු අර්බුදය විසඳීමට හිටපු ජගත් මහ ලේකම් කොෆී අන්නන් ඉදිරිපත් කර ඇති සාම සැලැස්මට අනුව සිරියානු ආරක්ෂක හමුදාව ඊයේ නාගරික ප්‍රදේශවලින් ඉවත් කර ගත යුතු විය.  කෙසේ වෙතත් සිරියානු රජය සාම සැලසුමට අනුකූලතාවක් දක්වන බවක් පෙනෙන්නට නැතැයි අමෙරිකාව පවසයි.

දැනටත් සිදුවන දරුණු ගැටුම්වලින් පුද්ගලයන් 100 කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි වාර්තා වේ. සිරියාවේ සිවිල් යුද්ධයක් හටගැනීම වළකාලීමට නම් බ්‍රහස්පතින් දා වන විට සම්පූර්ණයෙන්ම සටන් නතර කළ යුතු යයි සාම සැලසුමෙන් අපේක්ෂා කෙරේ.

සදුදා ඇතිවූ දරුණු ගැටුම්වලින් අනතුරුව වහාම ගැටුම් නතර කරන ලෙස ජගත් මහ ලේකම් බැන් කි මූන් යළිත් අසාද්ගෙන් අවධාරණයෙන් ඉල්ලා ඇත. රජය ගැටුම් නතර කරන්නේ කැරළිකරුවන් ද සටන් නතර කරන බවට ලිඛිත පොරොන්දුවක් ‍‍දෙන්නේ නම් පමණක් බව අසාද් පවසා ඇත.

මෙම කොන්දේසිය කැරළිකරුවන් එකහෙළා ප්‍රතික්ෂේප කර තිබේ. වසර 2011 මාර්තු මාසයේ දී රාජ්‍ය විරෝධී සටන් ආරම්භ වු තැන් පටන් සිරියාවේ මිය ගොස් ඇති සංඛ්‍යාව 10 000 කට අධික බව මානව හිමිකම් ක්‍රියාකාරීහු පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා