අපි අත්දැකීම් සහිතව පැහැබර අනාගතයකට අඩිතාලම දමමු

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 අප්‍රේල් 09 වැනිදා කොළඹ දී.



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

ගුණරත්නම්ගේ ඇත්ත නම ඔස්ට්‍රේලියාව දැන සිටියා

රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කරන්න පියවර

අපරාධ කල්ලි කොටුකර ගැනීමේ ඉඩ ඇහිරිලා

අතුරුදන් වූ කොටින්ට පිටරටින් නව හැඳුනුම්පත්

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අනාවරණය කරයි

යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වී ඇතැයි ලයිස්තු ගත කර ඇති බොහෝ දෙනෙක් විදේශ අනුග්‍රහය යටතේ නව හැඳුනුම්පත් ලබාගෙන ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට යුරෝපය ඇතුළු රටවල නව හැඳුනුම්පත් ලබා දී ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

විස්තර »

නව වසරේ හිස තෙල් ගෑමේ ජාතික උත්සවය ඊයේ (15) මහනුවර නාථ දේවාලයේ දී පැවැත්විණි. එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියෝ අගමැති දි. මු. ජයරත්න මහතාට නිරෝගී සුව පතමින් හිස තෙල් ගෑ අයුරු. දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා ද මෙහි සිටී. ඡායාරූපය - ගාමිණී රණසිංහ

“පුර නැඟුමෙන්” මේ වසරේ නගර 108ක් සංවර්ධනයට

රු. මිලියන 534 ක් වෙන් කෙරේ

කුඩා නගර නවීකරණය වෙනුවෙන් ක්‍රියාත්මක “පුර නැඟුම” සංවර්ධන වැඩසටහන යටතේ නගර 108 ක් මේ වසර අවසන් වන විට සංවර්ධනය කරන බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. තෝරාගත් පළාත් පාලන ආයතන බල ප්‍රදේශයන්හි පිහිටි කුඩා නගර නවීකරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මේ වෙනුවෙන් වෙන්කර තිබෙන මුදල රුපියල් මිලියන 534 ක් බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

විස්තර »

අකුණු සර වැදී ලංකා හස්තියා මරුට

ඉංගිරිය, අක්කර 20 ප්‍රදේශයට බලපෑ දරුණු අකුණු පහරක් හේතුවෙන් කෝටටේ රජ මහා විහාරයේ 24 හැවිරිදි ලංකා නම් හස්තියා අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබේ. එම හස්තියා බැඳ සිටි ගසට වැදුණු අකුණින් මේ මරණය සිදුව ඇති අතර, මේ අකුණ අලියා බැඳ සිටි ගසට පමණක් නොව ප්‍රදේශයේ නිවාස කිහිපයකටම වැදී ඇති අතර, ඉන් නිවෙස් ගණනාවක රූපවාහිනී, ශීතකරණ ආදියට හානි සිදුව තිබේ.

විස්තර »

දින හයක් තිස්සේ යකඩ කූඩුවක ඇමක්

දැරිය බිලිගත් තැනදීම මිනීමරු කිඹුලා කොටුවෙයි

අකුරැස්ස මාලිම්බඩ ප්‍රදේශයේදී පාසල් දැරියක සහ කාන්තාවක සති දෙකකදී මරණයට පත් කළ මිනීමරු කිඹුලා වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පාලටුව උතුරු මාලිම්බඩ කුඩා දූව ප්‍රදේශයේ නිල්වලා ගඟේ දී අල්ලාගෙන ඇත. දින හයක් තිස්සේ අඩි 18 ය 4 යකඩ කූඩුවක් තුළ දමා තිබූ ඇම කෑමට ගොස් අප්‍රේල් 14 වන දින රාත්‍රී කාලයේදී කිඹුලා හසු වී ඇත. මේ කිඹුලා අඩි 12 ක් පමණ දිග අඩි 4 ක් පමණ ප්‍රමාණයක මහත ඇති ගැට කිඹුල් වර්ගයේ පිරිමි සතෙකි.

විස්තර »

ශ්‍රී ලංකා පලස්තීන ජනපති නිල සාකච්ඡා අද

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර නිල සාකච්ඡා අද (16) පැවැත්වේ. තෙදින නිල සංචාරයක් සඳහා පලස්තීන ජනාධිපතිවරයා ඊයේ (15) මෙරටට පැමිණියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනාවකට අනුවය.

විස්තර »

ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායම අද මෙරටට

ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් පස් දින සංචාරයක් සඳහා අද (16) මෙරටට පැමිණෙති. මේ මස 21 වැනිදා දක්වා මෙරට රැඳී සිටින එම කණ්ඩායම ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහත්වරුන් හමුවීමට නියමිතය.

විස්තර »

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකැත් චාරිත්‍රය ඉටු කරමින් තංගල්ල කාල්ටන් නිවසේදී ඊයේ (15) දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති පල්ලත්තර සුමනජෝති නාහිමියන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිසෙහි තෙල් ගැල්වූ අවස්ථාව. ඡායාරූපය - නලින් හේවාපතිරණ

 
රටකට එරෙහි වී එන යෝජනාවන්
පරාජය කරන්නම වුවමනාවන්
ජනිතව සිතේ යහපත් චේතනාවන්
වේවා! සැමට අවුරුදු වාසනාවන්
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast