අකුණු සර වැදී ලංකා හස්තියා මරුට

අකුණු සර වැදී ලංකා හස්තියා මරුට

ඉංගිරිය, අක්කර 20 ප්‍රදේශයට බලපෑ දරුණු අකුණු පහරක් හේතුවෙන් කෝටටේ රජ මහා විහාරයේ 24 හැවිරිදි ලංකා නම් හස්තියා අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබේ. එම හස්තියා බැඳ සිටි

අකුණු සරින් මිය ගිය 24 හැවිරිදි ලංකා හස්තියා

ගසට වැදුණු අකුණින් මේ මරණය සිදුව ඇති අතර, මේ අකුණ අලියා බැඳ සිටි ගසට පමණක් නොව ප්‍රදේශයේ නිවාස කිහිපයකටම වැදී ඇති අතර, ඉන් නිවෙස් ගණනාවක රූපවාහිනී, ශීතකරණ ආදියට හානි සිදුව තිබේ.

එසේම මේ අකුණු පහර හේතුවෙන් නිවාස කිහිපයක බිත්ති වලටද හානි සිදුව ඇති අතර, අකුණේ දැඩි ශබ්දයෙන් සිහිසුන්ව කාන්තාවක් ද රෝහල් ගත කර තිබේ.

අලියාගේ මරණයෙන් බලවත් කම්පාවට පත්ව සිටින කෝට්ටේ රජමහා විහාරයේ භික්ෂුන් වහන්සේලා.

කෝට්ටේ රජමහා විහාරයේ තලංගම දේවානන්ද, කුඩාබිබුලේ ඉන්දරතන, නෙළුවේ සීලවිමල යන හිමිවරුන් ඇතුළු භික්ෂුන් වහන්සේලා රැසක්ම සිද්ධිය වූ ස්ථානයට පැමිණි අතර පෙරහැරවල් ආදී සියලු ආගමික කටයුතුවලට සහභාගි වූ ලංකා අලියාගේ මේ අනපේක්ෂිත වියෝවෙන් එම භික්ෂුන් වහන්සේලා ද බලවත් කම්පනයකට පත්ව සිටින අයුරු දැක ගැනීමට හැකිවිණි.

පශු වෛද්‍ය ජයන්ති අලහකෝන් මහත්මිය සහ ඉංගිරිය හදිසි මරණ පරීක්ෂක උදයරත්න ලියනගේ මහතා ඉංගිරිය පොලිසිය සමඟ එක්ව මෙහෙයවන ලද මූලික පරීක්ෂණවලින් පසු මෙය අකුණු පහරක් හේතුවෙන් සිදුවූ හදිසි මරණයක් බවට තීරණය කළ අතර, පසුව එම ස්ථානයේදීම ආගමික කටයුතු සිදු කිරීමෙන් පසු අලියාගේ භූමිදාන කටයුතු සිදු කරන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා