ජන හා නිවාස සංගණන වාර්තාව මේ මස අග ජනපති අතට

වසර තිහකට පසු රටම ආවරණය කළ

ජන හා නිවාස සංගණන වාර්තාව මේ මස අග ජනපති අතට

වසර තිහකට පසු රටම ආවරණය වන පරිදි සිදුකළ ප්‍රථම ජන හා නිවාස සංගණනයේ මූලික වාර්තාව මෙමස අවසන් වීමට පෙරාතුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දීමට නියමිතය. සංගණනයෙන් අනාවරණය වූ ජනගහණය හා අනෙකුත් තොරතුරු සියුම්ව විශ්ලේෂණයට භාජනය කරමින් රටේ ඉදිරි අනාගත සංවර්ධනය උදෙසා භාවිතා කරන්නට ඒවා ලබා ගත හැකි වන සේ සකස් කිරීම මේ දිනවල සිදු කරන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුරංජනා විද්‍යාරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

උතුරු පළාතේ කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම යනාදී දිස්ත්‍රික්කවල ජනගහණය පිළිබඳ තොරතුරු වඩාත් නිවැරදිව මේ සංගණනයෙන් ලබා ගැනීමට හැකි වූ බවත් ඒ මහත්මිය පැවසුවාය.

ඉතා වෙහෙසකර කාර්යය භාරයක් ඉටු කරමින් සංගණනය සාර්ථක කර ගැනීමට දායක වූ සැමට විද්‍යාරත්න මහත්මිය ස්තුතිය පළ කළාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා