දිවයින පුරා ඉදිරි දින කිහිපයේදීම වැසි සහිත කාලගුණයක්

දිවයින පුරා ඉදිරි දින කිහිපයේදීම වැසි සහිත කාලගුණයක්

අකුණු අනතුරුවලට අත වනන්න එපා - කාලගුණ බලධාරීන්ගෙන් ඉල්ලීමක්

අන්තර් නිවර්තන අභිසාරී කලාපය හෙවත් උතුරු හා දකුණු අර්ධ ගෝලයේ සුළං හමන දිශාව එකතුවන ස්ථානය දිවයිනට ආසන්නව දකුණු දිශාවෙන් පිහිටීම හේතුවෙන් ඉදිරි දිනවල දිවයින පුරා වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

‍බොහෝවිට වැසි ඇතිවීම අපරභාගයේ හා සන්ධ්‍යා කාලයේදී සිදුවන බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු ඇතිවිය හැකි බවත් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා මහතා පවසයි.

ගිණිකොන , දකුණ, නිරිත දිග මුහුදු ප්‍රදේශවල කඩින් කඩ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දකුණ හා නිරිත මෙන්ම ගිණිකොන දිශාවල මුහුදු ප්‍රදේශ රළු වන අතර එම අවස්ථාවලදී සුළගේ වේගය පැයට කිලෝමිටර් 40-50 ත් අතර වේ.

වර්ෂාව ඇතිවන අවස්ථාවලදී සුළ‍‍‍ඟේ වේගය වැඩිවන අතර අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා