|
||
ශ්‍රී ලංකා පලස්තීන ජනපති නිල සාකච්ඡා අදපලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර නිල සාකච්ඡා අද (16) පැවැත්වේ. තෙදින නිල සංචාරයක් සඳහා පලස්තීන ජනාධිපතිවරයා ඊයේ (15) මෙරටට පැමිණියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනාවකට අනුවය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් අස්සන් තැබීමට ද පලස්තීන ජනාධිපතිවරයා එක්වනු ඇත. සිය සංචාරය අතරතුර විදේශ ඇමැති ජී. එල්. පීරිස් මහතා සමඟ සාකච්ඡාවලටත් පලස්තීන ජනාධිපතිවරයා එක් වීමට නියමිත අතර පලස්තීන විදේශ ඇමැතිවරයා ඇතුළු පිරිසක් මේ සංචාරයට එක්වෙති. මේ මස 17 වැනිදා සිය සංචාරය අවසන් කරන පලස්තීන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මාලදිවයිනේ දෙදින නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |