ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායම අද මෙරටට

ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායම අද මෙරටට

ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් පස් දින සංචාරයක් සඳහා අද (16) මෙරටට පැමිණෙති.

මේ මස 21 වැනිදා දක්වා මෙරට රැඳී සිටින එම කණ්ඩායම ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහත්වරුන් හමුවීමට නියමිතය.

අලුත් අවුරුදු උදාවෙන් පසු 17 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යළි රැස්වන අතර එදින ඉන්දීය නියෝජිත පිරිස පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.

ඉන්දීය නියෝජිත පිරිස මැදවච්චිය සහ මුලතිව් ප්‍රදේශවල සහ කන්කසන්තුරේ වරාය ඉදිකිරීම පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක නිරත වන අතර ඉන්දීය රජයේ ආධාර යටතේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමට එක්වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා