දියණිය රට යැවූ මවක් බෑණා සමඟ මධු සමයේ...

දියණිය රට යැවූ මවක් බෑණා සමඟ මධු සමයේ...

මාතර ලැගුම් හලක අඹු සැමියන් වශයෙන් සිටි නැන්දම්මා සහ බෑනා කෙනකු පිළිබඳව තොරතුරු හෙළි වේ. නැන්දම්මා හක්මන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන වයස අවුරුදු 27, 35, 37 වයස්වල දරුවන් ඇති 58 හැවිරිදි තැනැත්තියකි.

දියණියගේ ස්වාමි පුරුෂයා වන බෑනා කඩවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 11, 05 යන වයස්වල දරුවන් සිටින 27 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයෙකි.

මුස්ලිම් තරුණයා අදාල කාන්තාවගේ දියණිය මීට වසර 12 කට පෙර විවාහ කර ගෙන ඇත්තේ ඇය බාල වයස්කාර දැරියක්ව සිටින අවස්ථාවේදීය. මුස්ලිම් තරුණයාගේ බිරිය මීට වසරකට පෙර මැදපෙරදිග රැකියාවකට ගොස් ඇත.

මේ අවස්ථාව වන විට නැන්දම්මාගේ ස්වාමිපුරුෂයා ඇය අතහැර ගොස් ඇති අතර නිවසේ සිටි බෑණා මාස 08 කට වැඩි කාලයක සිට නැන්දම්මා සමග පවුල් ජීවිතයක් ගත කරමින් හෝටල්වල ලැගුම්හල්වලට පැමිණ කෙළිදෙලෙන් පසුවූ බව හෙළි වේ.

මේ වන විට මෙම සිද්ධිය දැන ගෙන ඇති විදේශගතව සිටි බිරිය තවත් අනියම් පුරුෂයකු සමග ලංකාවට පැමිණ නිවසට නොගොස් රහසිගතව වෙනත් පළාතක පදිංචියට ගොස් ඇති බවට හෙළිවී ඇත.

මාතර ප්‍රදේශයේ අවන් හලක බාල වයස්කාර දැරියක් සමග තරුණයින් සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වැටලීමේදී ලාබාල තරුණියක් සමග තරුණයකු හසුවන විට නැන්දම්මා සහ බෑණාද කාමරයක සිට හසු විය.

මෙය නීතියට අදාළ ප්‍රශ්නයක් නොවුවත් සදාචාරයට පටහැනි හැසිරීමක් බව පොලිසියේ මතය වේ.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා