රොනාල්ඩෝ මෙසී කරට කර තරගයක

රොනාල්ඩෝ මෙසී කරට කර තරගයක

සුපිරි ක්‍රීඩකයන් වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සහ ලයනල් මෙසී මෙවර ලා ලීගා පාපන්දු තරගාවලියේ වාර්තාගත ගෝල් 41 බැගින් රැස් කිරීමට සමත් වූහ.

පළමුවෙන්ම ස්පෝර්ටින් ශිරොන් පිලට එරෙහිව ගෝල් 3 - 1 ක ජයක් වාර්තා වූ තරගයේදී 41 වැනි ගෝලය රැස් කරමින් රොනල්ඩෝ පසුගිය තරගවාරයේ ඔහු විසින්ම පිහිටුවා තිබූ වාර්තාව බිඳ හෙළීමට සමත් වූ අතර, ඉන් අනතුරුව ලෙවෙන්ටි කණ්ඩායමට එරෙහිව ගෝල් 2 - 1 ක ජයක් වාර්තා වූ තරගයකදී මෙසී සිය 41 වැනි ගෝලය ලබා ගැනීමට සමත් විය.

රියල්් මැඩ්රිඩ් පිල නියෝජනය කරන රොනල්ඩෝ ගේ වාර්තාගත ගෝල් සංඛ්‍යාව හේතුවෙන් ඔවුන් මෙවර තරගාවලියේ 107 වැනි ගෝලය වාර්තා කළේය. එය 1989 - 90 තරගවාරයේදී ජෝන් ටොෂෑක්ගේ නායකත්වයෙන් යුත් රියල් මැඩ්රිඩ් පිල රැස් කළ ගෝල සංඛ්‍යාව සම කිරීමකි. නමුත් මෙවර රොස් මොරින්හෝ ගේ නායකත්වයෙන් යුත් රියල් මැඩ්රිඩ් පිලට තවත් තරග 5 ක්ම ඉතිරිව ඇති බැවින් එම වාර්තාව ද බිඳ වැටෙනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා