විස්ඩන් සම්මානය සංගක්කාරට

විස්ඩන් සම්මානය සංගක්කාරට

2011 වසරේ ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනා අතරටත්, එම වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෙරමුණේ පසුවන ක්‍රීඩකයා ලෙසටත් සුප්‍රකට විස්ඩන් සඟරාව මගින් පසුගියදා කුමාර් සංගක්කාර තෝරාගනු ලැබීය.

මෙලෙස විස්ඩන් සඟරාවේ එකම වසරකදී සම්මාන 2ක් සඳහා තෝරාගනු ලැබූ ප්‍රථම ක්‍රීඩකයා ලෙස සංගක්කාර ඉතිහාස ගතවේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම පිතිකරුවෙකු මෙන්ම කඩුලු රකින්නෙකු ලෙස ද හඳුන්වන සංගක්කාර 2004 වසරේ විස්ඩන් සඟරාව මගින් වසරේ පෙරමුණ ගත් ක්‍රිකට් ක්‍රීඩකයාට සම්මාන දීම ඇරැඹීමෙන් පසුව සම්මාන 2කට සුදුසුකම් ලැබූ ලොව මුල්ම ක්‍රීඩකයාය.

සංගක්කාර 2011 වසරේ දී ජගත් ක්‍රිකට් බිමේ ලකුණු 2267ක් රැස්කර තිබේ. ටෙස්ට් හා එක්දින තරග ලකුණු 1000 බැගින් එකම වසරකදී රැස් කරමින් එම දස්කම වසර 3කදීම පෙන්නුම් කළ ලොව එකම ක්‍රීඩකයා ද ඔහුය.

34 හැවිරිදි සංගක්කාර මේ වනවිට ටෙස්ට් තරග 108ක දී ලකුණු 9000 සීමාව පසුකිරීමට සමත්ව සිටියි. ඔහුගේ ලකුණු 9000ට ශතක 28ක් ද ඇතුලත්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා