මුද්‍රණය සඳහා

 
හමාගිය තද සුළඟින් කිරිඳිවැලට බර හානි

හමාගිය තද සුළඟින් කිරිඳිවැලට බර හානි

කිරිඳිවැල බෝගහවත්ත හා කන්නිමහර යන ප්‍රදේශ හරහා ඊයේ (20 වැනිදා) පස්වරුවේ අධික වර්ෂාවත් සමඟ හමාගිය තද සුළඟින් එම ප්‍රදේශවලට දැඩි අලාභහානියක් සිදුවී ඇත.

මේ ප්‍රදේශවල නිවාස හයකට හා වෙළෙඳසල් දෙකකට ගස් ඇද වැටීමෙන් ඒවාට දැඩි හානියක් සිදුවී ඇත.

මේ ප්‍රදේශවල මාර්ගවලටද ගස් කොළන් ඇද වැටී ගමනාගමනයද අඩපණ වී තිබෙන අතර විදුලි රැහැන් හා දුරකථන රැහැන්වලට ද ගස් ඇද වැටීමෙන් විදුලිය හා දුරකථන සේවාවන් ද මුළුමනින්ම ඇනහිට තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]