පාකිස්තානයේ ගුවන් අනතුරකින් 118ක් මරුට

පාකිස්තානයේ ගුවන් අනතුරකින් 118ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර ඊයේ (20) සවස බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් මගීන් 118ක් පමණ මියගොස් ඇතැයි වාර්තාවේ. පාකිස්තානයේ කරච්චි නුවර සිට ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළට පැමිණෙමින් තිබූ මගී ගුවන් යානයක් මෙසේ කඩාවැටී ඇති අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් යානය ගොඩබැස්සවීමට සූදානමින් සිටිය දී මෙසේ අනතුරට පත්ව ඇතැයිද වාර්තාවේ. මේ ගුවන් යානයේ මගීන් 127 දෙනකු ගමන්ගෙන ඇති බව පැවසේ.

ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේ ජනතාව පදිංචි ප්‍රදේශයකට ගුවන් යානය කඩාවැටී ඇති අතර එය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශවී ඇත. එම මගී ගුවන් යානය පකිස්තානයේ බෝජා ගුවන් සේවයට අයත් එකකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා