ත්‍රිකුණාමල දිසාවෙන් මහ කන්නයේ වී මෙ.ටොන් 70600ක අස්වැන්නක්

ත්‍රිකුණාමල දිසාවෙන් මහ කන්නයේ වී මෙ.ටොන් 70600ක අස්වැන්නක්

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 2011/12 මහා කන්නයෙන් වී මෙට්‍රික්ටොන් 70600 ක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බව ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.

මෙය පෙර වසරේ අස්වනු ප්‍රමාණයට වඩා මෙට්‍රික්ටොන් 550 ක වැඩිවීමක් බව සහකාර ගොවිජන සංවර්ධන කොමසාරිස් එස්.පූනිද කුමාර් මහතා පැවැසීය. වී මෙට්‍රික් ටොන් 70600ක් ජාතික ආර්ථිකයට දායක කරවීමට ත්‍රිකුණාමලය දිසාපති මේජර් ජනරාල් ටී.ටී.ආර්. ද සිල්වා මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 1,15,000 ක් අස්වැද්දූ බවද කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ ය.

මෙම අස්වැන්න සඳහා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක අක්කර 82,294,7කට සහනාධාර පොහොර මෙට්‍රික්ටොන් 5172.06ක් නිකුත් කළ බවද කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ ය. මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික ප්‍රතිපත්තිය මත 2011 වසරේ ජාතික වගා බිම් ප්‍රමාණයට ත්‍රිකුණාමලයේ කුඹුරු අක්කර 900ක් එකතු වූ අතර ඒතුළින් ප්‍රතිලාභින් 490කට සෙත සැලසුන බව කොමසාරිස්වරයා තවදුරටත් පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා