මුද්‍රණය සඳහා

 
පොලිස් ස්ථානාධිපතිට මේජර්ගෙන් බැණුම්

පොලිස් ස්ථානාධිපතිට මේජර්ගෙන් බැණුම්

රථවාහන බහුලව ධාවනය වන මහනුවර - කොළඹ මාර්ගයේ කිරිබත්කුඹුර ප්‍රදේශයේදී රථවාහන නීති උල්ලංඝනය කරමින් අන්තරාදායක ලෙස රිය ධාවනය කළ යුද හමුදා නිල ඇඳුමෙන් සැරසුණු මේජර්වරයකු ඊයේ (20) උදෑසන මහනුවර කොට්ඨාස මහාමාර්ග සංචාරක යතුරුපැදි ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කරමින් බෑණ තර්ජනය කැර තිබේ.

අන්තරාදායක ලෙස වෑන් රථයක්, ඉදිරියට ධාවනය වෙමින් තිබියදී මහනුවර කොට්ඨාස මහාමාර්ග සංචාරක යතුරුපැදි ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් විජේසිංහ මහතා අදාළ වෑන් රථය නැවැත්වීමට උත්සහ කළ අවස්ථාවේ එය පදවාගෙන ආ මේජර්වරයා පොලිස් නිලධාරියා රාජකාරියට බාධා කරමින් බැණ තර්ජනය කැර ඇත.

අනතුරුව කරුණු සටහන් කැරගත් පොලිස් පරීක්ෂකවරයා මේජර්වරයාගේ රියැදුරු බලපත්‍රය පොලිසිය බාරයට ගෙන ඔහු මුදාහැර ඔහුට නඩු පැවරීමට පියවරගෙන තිබේ.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල මහතාගේ විශේෂ උපදෙස් මත මෙහි පරීක්ෂණ පැවැත්වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]