මුද්‍රණය සඳහා

 
මහපිටිය - කිරලබොක්ක මාර්ගය පිළිසකර කර නෑ:

මහපිටිය - කිරලබොක්ක මාර්ගය පිළිසකර කර නෑ:

මහපිටිය සිට අල්ගම උඩුගම හරහා කිරල බොක්ක දක්වා ඇති මාර්ගය කාලයක් මුළුල්ලේ සිටම කැඩී බිඳී අබලන් වී පවතින නිසා වාහන ගමනාගමනයට බාධා ඇතිවී තිබේ.

මාර්ගයේ ධාවනය වූ ලංගම බස් රියද මේ නිසා නවතා දමා ඇතැයි ගම්වැසියෝ පවසති.

මේ නිසා පාසල් සිසුන් හා රැකියාවන් සඳහා යන එන අය දැඩි අසීරුවට පත්වී සිටිති.

මේ මාර්ගය වයඹ පළාත් සභාවට අයත් බැවින් පළාත් මාර්ග සංවර්ධන ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතාගෙන් දිනමිණ කළ විමසුමකදී හෙතෙම කීවේ මේ පිළිබඳව තමා දැනුවත් කර නොමැති බවත් එවැනි දැනුම් දීම් කර තිබුණා නම් මේ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]