මුද්‍රණය සඳහා

 
මීගමුවේ පාසල් කිහිපයකට සිසු සවි රන් අස්වනු

මීගමුවේ පාසල් කිහිපයකට සිසු සවි රන් අස්වනු

අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘සිසු සවියෙන් රන් අස්වනු’ තේමාව යටතේ මීගමුව අධ්‍යාපන කොට්ඨාසයේ මීගමුව පලඟතුරේ සිංහල කනිටු විද්‍යාලය, කටාන විද්‍යාලෝක විද්‍යාලය, ජා ඇළ පමුණුගම මහා විදුහල්වල ගොවි පළවල් ආරම්භ කර ඇති බව මීගමුව කලාප සහකාර අධ්‍යක්‍ෂිකා කෘෂිකර්ම ඇස්. සී. අබේකීර්ති මහත්මිය පැවසුවාය.

ජා ඇළ අධ්‍යාපන ප්‍රදේශයේ විදුහල් විස්සක සිසුන්ට ගෙවතු වගා පුරුදු පුහුණු කර ඇති අතර මේ සඳහා කටාන කෘෂිකර්ම නිලධාරී ආර්. එන්. ඩබ්ලිව්. ගුණවර්ධන, පමුණුගම ගොවිජන සේවා කාර්යාලයේ සුමදුර ජයමාන්න හා සමන්ත මුණසිංහ, කෘෂිකර්ම සහයක නිලධාරීන් එම පාසල් දරුවන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙති. මේ මගින් දරුවන්ට ගෙවතු වගාව පිළිබඳව හොඳ දැනීමක් හා අවබෝධයක් ඇති හෙයින් තමන්ගේ නිවසේ ගෙවත්ත වගා කිරීමට හැකියාව ලැබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]