අමෙරිකානු ක්‍රීඩිකාව නිරුවතින්

අමෙරිකානු ක්‍රීඩිකාව නිරුවතින්

ඔලිම්පික් රන් පද්කම්ලාභී නටාෂා හැස්ටින්ග්ස් ඇගේ පවුලට ඉතාමත් සමීපය. එබැවින් නිරුවතින් සේයාරුවකට පෙනී සිටින ලෙසට Espn සඟරාව ඇගෙන් ඉල්ලා සිටි විට ඊට කැමැති වීමට පෙර සිතන්නට බොහෝ දේවල් ඇයට තිබිණි.

නටාෂාගේ ප්‍රධාන සැලකිල්ලට භාජනය වූයේ ඇගේ ජීවිතයේ පිරිමින් එනම් සීයා, පියා, පුංචි මල්ලී හා ඇගේ පෙම්වතා ය. ඊටත්, තමා විසින් තනියම ගැනීමට සිදු වූ පළමු ප්‍රධාන තීරණය මෙය බව ඇයට හැගිණි. ජාතික සඟරුවකට නිරුවතින් පෙනී සිටින්නැයි ඇගේ මව ඇයට නොකියනු ඇත. ඒ අතරම, මව ඇයට තහංචි දැමීමද නොකරනු ඇත.

“මම මේක කරනවාද? මම කාටහරි රිදවයිද? මිනිස්සු මේක අනුමතත නොකරාවිද ? ලෙසින් බියක් මට ඇතිවුනා” යැයි නටාෂා කියා සිටියාය.

ඇය, අමෙරිකාවේ ඉහළම මීටර 400 ක්‍රීඩිකාවක ලෙසින් දිගින් දිගටම දියුණු වෙමින් සිටින්නීය. 2008 බීජිං ඔලිම්පික් උලෙළේ මීටර 400 ය4 සහාය දිවීම ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකාවක වූ නටාෂා ලෝක සූරතාවලියේ දී සහාය දිවීම රන් පදක්කම් 3ක් දිනා ගත්තාය. ඇය දැන් දෙවැනි වතාවටත් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින්නීය. ඇය අවසන් තීරණයකට එළැඹියාය. දැන් ඇගේ නිරුවත් සේයාරුවලින් Espn සඟරාව සැරසී තිබේ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා