මුද්‍රණය සඳහා

 
ශ්‍රී ලංකා හමුදාපති මැලේසියා සංචාරයක

ශ්‍රී ලංකා හමුදාපති මැලේසියා සංචාරයක

මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේදී පැවැත්වෙන ආසියානු ආරක්ෂක සේවා 2012 හා 13 වන ආරක්ෂක සේවා ආසියා ප්‍රදර්ශනය සහ සම්මේලනය සඳහා එහි ගිය ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා මැලේසියානු යුද හමුදාපති ජෙනරාල් දාතුක් හජී සුල්කිෆ්ලි හජි සයිනාල් ආබ්දීන් මහතා හමු විය.

එහිදී දෙදෙනා සමරු තිළිණ හුවමාරු කර ගත්හ.

මේ සම්මේලනය සඳහා රටවල් 45 ක් නියෝජනය කරමින් ආරක්ෂක ප්‍රධානීන් සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහත්වරු සහභාගි වෙති.

මැලේසියාවේ ආරක්ෂක සේවාව මගින් මෙය සංවිධානය කර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]